Breaking News
Home / දේශීය පුවත් / හේමසිරි පත් කල සිරිසේන එයට වගකිව යුතු නැතිදැයි එජාපෙ අසයි

හේමසිරි පත් කල සිරිසේන එයට වගකිව යුතු නැතිදැයි එජාපෙ අසයි

මහබැංකු අධිපතිධූරයට අර්ජුන මහේන්ද්‍රන් පත් කිරීමේ වගකීම අගමැති ගත යතු බවට කෑ මොර දුන් අය ආරක්ෂක ලේකම්ධූරයට හේමසිරි ප්‍රනාන්දු පත් කිරීමේ වගකීම ගන්නේ කව්දැයි විමසනේනේ නැතැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය. අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමෙන් රටේ කිසිදු පුරවැසියෙකුගේ ජිවිත හානි නොවුනද ආරක්ෂක ලේකම්වරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් මහජන ජීවිත 250 කට අධික සංඛ්‍යාවක් අහිමිවූ බවට නැගෙන චෝදනාවෙන් තනතුරට පත් කළ අයට ගැලවීමක් නැතැයිද මන්ත්‍රීවරයා කීය.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මුජුබර් රහුමාන් මෙසේ කීවේ කොළඹඅරලියගහ මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ හමුවේදීය.පොලිස්පති වශයෙන් පුජිත් ජයසුන්දර මහතා පත් කෙරුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් බවට කර තිබෙන ප්‍රකාශ පිළිබඳව ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රී හමුවේදි දීර්ඝ වශයෙන් කරුණු ප්‍රකාශ විය.

කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ජනාධිපති නියෝජිතයා ද සිටින බව අමතක කරමින් රටට වැරදි පණිවුඩයක් යැවිනැයිද එහිදි මන්ත්‍රීවරු ප්‍රකාශ කර තිබේ.ආරක්ෂක ලේකම් ලෙස හේමසිරි ප්‍රනාන්දු පත් කිරීම තනි අභිමතය පරිදි සිදුවිනකැයිද මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

About article14

Check Also

සජබෙට ගිය 54 ක් එජාපෙන් දොට්ට දමද්දී 48 ක් නායකයා සමග සාකච්ඡා

පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපූ සමගි ජනබලවේගයෙන් තරඟ කරන අපේක්ෂකයන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!