Breaking News
Home / ක්‍රිඩා / හෙට 31 ලෝක කණ්ඩායම හා කොදෙව් අතර තරගය ලෝඩ්ස් වල. නායකත්වය අෆ්‍රිඩිට. තිසර කණ්ඩායමට

හෙට 31 ලෝක කණ්ඩායම හා කොදෙව් අතර තරගය ලෝඩ්ස් වල. නායකත්වය අෆ්‍රිඩිට. තිසර කණ්ඩායමට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ලෝක ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු හා එකම විස්සයි විස්ස තරගය හෙට(31) එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී ආරම්භ වීමට නියමිතව ඇත.

එංගලන්තයේ ලෝර්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මේ තරගය පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වන්නේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ඉර්මා හා මරියා නම් සුළි කුනාටු නිසා හානි වූ කැරිබියානු ක්‍රිකට් ක්‍රීඩාංගණ නැවත ගොඩනැංවීම හා ප්‍රතිසංස්කරණය සඳහා අරමුදල් රැස් කිරීමයි. බටහිර ඉන්දීය ක්‍රිකට් පාලන අධිකාරිය විසින් මෙම විස්සයි – විස්ස ක්‍රිකට් තරගය සංවිධානය කරනු ලැබේ.

මෙම තරගයේ ලෝක කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පාකිස්තානු සුපිරි තුන්ඉරියව් ක‍්‍රිඩක සහීඩ් අෆ්රිඩී හට හිමිව ඇති අතර තම්ම් ඉක්බාල් හා ලුක් රොන්චි ලෝක පිළේ ඉනිම ආරම්භක කිරීම බොහෝ දුරට ඉඩ ඇත.

තවද මැදපෙල සදහා ෂහීබ් මලික්,දිනේෂ් කාර්තික් හා සෑම් බිලින්ග්ස් ක‍්‍රීඩා කිරීමට ඉඩ ඇති අතර තුන්ඉරියව් ක‍්‍රිඩකයන් වශයෙන් ශ‍්‍රී ලංකා සුපිරි ක‍්‍රිඩක තිසර පෙරේරා හා අෆ්රීඩී ක‍්‍රීඩා කරනු ඇත.පසුගිය වසරේදී පාකිස්තානයේ ලාහෝර්හිදී ලෝක ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමෙන් අනතුරුව තිසර පෙරේරා ලෝක ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලබන දෙවන අවස්ථාව මෙයයි.

පන්දු යවන්නන් වශයෙන් අයි.පී.එල් තරගාවලියේ සුපිරි දස්කම් දැක්වූ ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන්,නේපාලයේ සන්දීප් ලෙමචන් නම් කර ඇති අතර වේගපන්දු යවන්නන් වශයෙන් මිචෙල් මැක්ලරගන් හා සෑම් කරන් නම් කර ඇත.

ක‍්‍රීඩා කල හැකි යැයි අනුමාන කළ හැකි ලෝක කණ්ඩායම- Tamim Iqbal, Luke Ronchi (wk), Shoaib Malik, Dinesh Karthik, Sam Billings, Shahid Afridi (c), Thisara Perera, Rashid Khan, Sandeep Lamichhane, Mitchell McClenaghan, Sam Curran

ලෝක කණ්ඩායමට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව්වන්ද ප‍්‍රබල කණ්ඩායමක් නම් කර ඇති අතර එහි නායකත්වය කාලෝස් බ‍්‍රත්වෙයිට් හට හිමිව ඇත.ක‍්‍රිකට් ලෝකයේ ප‍්‍රහාරාත්මකම පිතිකරුවන් ලෙස සැලකෙන ක‍්‍රිස් ගේල් හා එවින් ලුවිස් බොහෝ දුරට කොදෙව් ඉනිම ආරම්භක කිරීමට ඉඩ ඇති අතර ඇන්ඩ‍්‍ර ෆ්ලෙචර්,මාලන් සැමුවෙල්ස් ,රෝමන් පවෙල් හා දිනේෂ් රාම්දින් මැද පෙල පිතිකරුවන් ලෙස නම්කර ඇත.

තුන්ඉරියව් ක‍්‍රීඩකයන් ලෙස ඇන්ඩ‍්‍ර රසල් හා බ‍්‍රත්වෙයිට් ක‍්‍රීඩා කරනු ඇති අතර පන්දු යැවීමේ අංශය ශක්තිමත් කිරීමට සදහා ඇෂ්ලි නර්ස්,සැමුවෙල් බද්රී හා කෙස්රික් විලියම්ස් අද තරගයට ක‍්‍රිඩා කිරීමට ඉඩ ඇත.

ක‍්‍රීඩා කල හැකි යැයි අනුමාන කළ හැකි කොදෙව් කණ්ඩායම – Chris Gayle, Evin Lewis, Andre Fletcher, Marlon Samuels, Rovman Powell, Denesh Ramdin (wk), Andre Russell, Carlos Brathwaite (c), Ashley Nurse, Samuel Badree, Kesrick Williams

මේ අතර හෙට පැවැත්වීමට නියමිතව තිබෙන විස්සයි විස්ස තරගය සදහා නම් කර තිබෙන ලෝක කණ්ඩායමෙන් ඉන්දීය ක‍්‍රිඩක හර්දීක් පාන්ඩ්‍යා ඉවත්වීමට තීරණය කර තිබෙ.අයපහත් සෞඛ්‍ය තත්වය මත මෙම තීරණය ගෙන ඇති අතර ඔහුගේ ස්ථානය ඉන්දීය වේගපන්දු යවන ක‍්‍රිඩක මොහොමඩ් සමී හට හිමිව ඇත.

About lanka

Check Also

ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා. පසුගියදා ඥාණසාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!