Breaking News
Home / දේශීය පුවත් / හෙට ශ්‍රී ලංකා දේශපාලනයේ වැදගත් දිනයක්. පොහොට්ටු හා නිදහස් පක්ෂ බහුතරය වෙනුවට එජාපය බහුතරය පෙන්වීමට සුදානමක්

හෙට ශ්‍රී ලංකා දේශපාලනයේ වැදගත් දිනයක්. පොහොට්ටු හා නිදහස් පක්ෂ බහුතරය වෙනුවට එජාපය බහුතරය පෙන්වීමට සුදානමක්

පසුගිය 11 වනදා සිට මේ වන තෙක් රටේ දේශපාලනය යම් අස්ථාවරත්වය තිබීම කවුරුත් දන්නා කාරණයක්. පාලකයන් කුමන ප්‍රකාශ නිකුත් කලත් ආර්ථිකය හා වෙළදපල දෙස බලන ඕනෑම කෙනෙකුට එම අස්ථාවරත්වය මතින් ගොඩ නැගී ඇති අහිතකර බලපෑම් පෙනෙන්නට තිබේ. ඩොලර් එකේ අගය මෙන්ම කොටස්වෙලදපල ආයෝජන පමණක් නොවේ එදිනෙදා ගමේ නගරයේ වෙළදාමද අරමුණක් නොමැතිව කෙරීගෙන යන ආකාරයක් දැක ගත හැක්කේ කඩපිලට බැස ඇවිදින්නෙකුට පමණයි.

පසුගිය සිකුරාදා අගමැතිවරයාගේ ප්‍රකාශයෙන් යම් විශ්වාසයක් රටට සමාජයට ලෝකට පැමිණියත් රටේ ප්‍රධාන පුරවැසියා ලෙස ජනාධිපතිවරයාගේ ස්ථාවරය ප්‍රකාශ නොකිරීම දෙස් විදෙස් සියල්ලගේම ප්‍රශ්නයකට හේතුවූ කාරනාවක් වී තිබෙනවා. පසුගිය සිකුරාදා මල්වතුනාහිමියන් පවා මෙම කාරණය වටාහගෙන ලිපියකින් උපදෙස් දී තිබුනේ රට ස්ථාවර කරන්නට කටයුතු කරන ලෙසයි.

මෙම ප්‍රශ්නය උද්ගත වුයේ ශ්‍රීලනිප පාර්ශවයේ විශේෂයෙන් සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා වැනි අය වත්මන් අගමැති සමග ආණ්ඩු කිරීමට අකමැති බව පවසා ජනාධිපතිවරයා පෙබරවාරි 7 වනදා පවා රාජපක්ෂලා දුශිතයෝ යයි පැවසු පාර්ශවය සමග ආණ්ඩුවක් සැදීමට දැඩි උත්සාහයක නිරත වීමයි. ප්‍රතිපත්ති ස්ථාවරය සාධාරණය පැත්තක දමා ඔවුන් විසින්ම හොරු ලෙස හංවඩු ගැසූ පාර්ශවය සමග බහුතරය පේනවා එජාපයෙන්ද කොටසක් ගෙන ආණ්ඩුවක් සෑදීමට ඔවුන් දැඩි වෙහෙසක නිරතවන අතර සිරස ආයතනය රටේ පාලනයට අත පොවමින් සිටියේ මහාචාර්යවරුන් ලෙස හැසිරෙන උසස් පෙළවත් හරිහැටි සමත් නොවූ ටයි කෝට් ඇද සිටින මාසේ පඩිය ගෙන ගෙදර යන සේවකයන් සමගය.

ඊයේ (17) දිනයේ වාර්තා වුයේ එකාබද්දය යම් ඇමතිකම් ප්‍රමාණයක් ගෙන එජාපයෙන් එන කොටසත් ශ්‍රීලනිප කොටසත් ඇමතිකම් කර නිමල් සිරිපාල අගමැතිවී කතානායක කරු ජයසුරිය මහතා ඉවත් කර නි.කතානායක සුමතිපාල මහතා කතානායක කර හෙට දිනයේ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා ආණ්ඩුව පෙරලීමට යන බවයි. එහෙත් ශ්‍රීලනිප ඇමතිවරුන් කොටසක් රාජපක්ෂලා සමග ආණ්ඩු කිරීමට අකමැති බව පැවසු අතර ඊයේ සවස වාර්තා වුයේ රාජපක්ෂවරුන්ගේ ප්‍රධාන කොන්දෙසියවන ඔවුන්ට ඇති නඩු හබ අවසන් කරන ලෙස ගෙන ආ ඉල්ලීමක් මෙම ආණ්ඩු පෙරලයේ මුලික කොන්දේසිය වී ඇති බවයි.

මේ තත්වය හමුවේ හෙට(19) පාර්ලිමේන්තුව රැස්වෙන අතර එක්සත් ජාතික පෙරමුණ තම බහුතරය පෙන්වීමට සුදානම් බවයි අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරන්නේ. එයට ශ්‍රීලනිප ඇමතිවරුන් වන ශ්‍රීලනිප ලේකම් දුමින්ද දිසානායක, සන්ධාන මහලේකම් මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ, මනුෂ නානායක්කාර, මොහාන් ලාල් ග්‍රේරු, ෆවුසි, ඉන්දික බණ්ඩාරනායක, ලක්ෂ්මන් සෙනෙවිරත්න, සරත් අමුණුගම, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ හා ඉපිඩිපි පක්ෂයේ ඩග්ලස් දේවානන්ද යන මන්ත්‍රීවරු ස්ථිරවශයෙන්ම වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරන්නේ.

එසේම ම පිළිබද සාකච්චාවක් අද(18) සවස 7 ට අරලියගහ මන්දිරයේ පැවැත්වෙන බවයි සදහන් වන්නේ.

lankaroom

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!