Breaking News
Home / දේශීය පුවත් / හෙජින් ඇවන්ගාඩ් එයාර්ලංකා දුෂිත ගනුදෙනු කල අය ඉන්නේ මෛත්‍රී එක්ක. මොට්ට කඩුව වන වන එයා දුෂණ ගැන කතා කරනවා – අනුර

හෙජින් ඇවන්ගාඩ් එයාර්ලංකා දුෂිත ගනුදෙනු කල අය ඉන්නේ මෛත්‍රී එක්ක. මොට්ට කඩුව වන වන එයා දුෂණ ගැන කතා කරනවා – අනුර

අනුරකුමාර දිසානායක බැදුම්කර හා බරපතල වංචා පිළිබද විවාදයේදී නිදහස් පක්ෂය හා ජනාධිපතිවරයාගේ විනිවිදබාවය පිළිබද ප්‍රශ්න කලේ මෙසේයි.

චෙක්පත් වංචාවකට සම්බන්ධ අනුරුද්ධ පොල්ගම්පලලා, ඇවන්ගාඩ් ප්‍රතිලාභ ගත්ත ජනක රණවකලා, දැයට කිරුළ මුදල් ගසා කාපු අම්පාර නලින් ඉන්දිකලා අද මෛත්‍රිගේ ඡන්ද ව්‍යාපාරයේ. මේ තරම් තවත් විහිළු තියෙනවාද?මෛත්‍රිපාල සිරිසේනගේ එකම අඳෝනාව ශ්‍රී ලනිපය බෙදන්න දෙන්න එපා කියලා.

එදිනෙදා ප්‍රශ්න තියෙන ජනතාවට පක්ෂ බේරා දීමේ කිසිම වුවමනාවක් නෑ. මෛත්‍රිගේ සටන දේශපාලන බලය වෙනුවෙන් පමණයි. නිවැරැදි දේශපාලන මැනීමක් අනුව ජනතාව ඡන්දය දෙනවා නම් බහුතරයක ඡන්ද බලය ජවිපෙට බව විශ්වාසයි.

හෙජින් ගනුදෙනුවෙන් රුපියල් කෝටි 11,000යි. ඇවන්ගාඩ් ගනුදෙනුවෙන් කෝටි 1,140යි. එයාර් ලයින් සමාගම හරහා ගුවන් යානා මිලදී ගැනීම නැවැත්වීම මඟින් පමණක් කෝටි 1,800ක්. ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කර තෙල් මිලදී ගැනීමෙන් කෝටි 1,400ක් වශයෙන් රටට පාඩු වී තිබෙනවා.
ඒකයි ජනාධිපතිගේ මොට්ට කඩුව වන වන දූෂණය ගැන කතා කරන්න වුණේ.

About lanka

Check Also

මහින්ද හා චම්පික රණවක දෙදෙනා පාර්ලිමේන්තු කලබලය මැද කතා කර කර සිටින විට ලොහාන් රත්වත්තේ චම්පිකට පහර දෙයි

වෙල්ගම මන්ත්‍රීවරයා මෑතකදී කියූ ‘ඔබේ අත් දෙකේම ලේ’ යයි චෝදනා කල ලොහාන් චම්පිකට පහරදුන් විදිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!