Breaking News
Home / දේශීය පුවත් / හිටපු මුදල් ඇමති මංගල සජබේ ලැයිස්තුවෙන් ඉවත් වීම එජාප නායක රනිල්ගේ මෙහෙයුමක්.

හිටපු මුදල් ඇමති මංගල සජබේ ලැයිස්තුවෙන් ඉවත් වීම එජාප නායක රනිල්ගේ මෙහෙයුමක්.

මුදල් හා ජන මාධ්‍ය හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කරවා ගැනීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන ක්‍රියාදාමයක් දියත් කළ බව එජාප ආරංචි මාර්ග සදහන් කරයි.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කළ ක්‍රියාදාමය අවසන් මොහොත දක්වාම සමගි ජන ජන බලවේගයේ නායකයන් දැන සිටියේ නැතැයි ද එජාප ආරංචි මාර්ග සදහන් කරයි. ඒ මංගල හිටපු ඇමතිවරයා දැනට මසකට පමණ පෙර රනිල් වික්‍රමසිංහ හමුවී සකාච්චවක් කර ඇති පසුබිමකයි.

මෙම දේශපාලන ක්‍රියාදාමය නිසා සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුව කඩාකප්පල් වූ බව ද දකුණු පළාතේම ඔවුන්ගේ ඡන්ද පදනමට එයින් බලපෑමක් වූ බව ද ගාල්ලේ අපේක්ෂක වජිර අබේවර්ධනගේ අදහසයි.

ඉදිරියේ දී තවත් මෙවැනිම වූ දේශපාලන ක්‍රියාන්විත කිහිපයක් සිදුවිය හැකි බවයි දේශපාලන ආරංචිමාර්ග සදහන් කරන්නේ. එය මැතිවරණය පවත්වා අවසන් වීමෙන් පසු බොහෝ ආන්දෝලනාත්මක සිදුවීම් විය හැකි බවයි වාර්තා වන්නේ.

මුදල් සහ ජනමාධ්‍ය හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරි මහ මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට ගත් තීරණයත් සමග සමගි ජන බලවේගයන් මැතිවරණයට ඉදිරිපත් වන හිටපු ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් යළිත් සම්බන්ධ කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සාකච්ඡා අරඹා තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පක්ෂ උප නායක රවී කරුණානායක ජාතික සංවිධායක නවීන් දිසානායක හිටපු අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන ,පාලිත රංගේ බණ්ඩාර සහ රුවන් විජයවර්ධන යන මහත්වරුන් මීට පෙර සාකච්ඡා වලට එක්වූ සමගි ජන බලවේගයේ හිටපු මැති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් සමඟ ඊයේ (9) දිනයේ දීත් සාකච්ඡා වටයක් පැවැත්විය .

මහමැතිවරණය පැවැත්වීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කරන ආකාරය පිළිබඳව එම හිටපු මැති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් සමග අදහස් හුවමාරු කරගත් බව එක්සත් ජාතික පක්ෂ පවසයි.

මහ මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත සමගි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලන හිටපු මන්ත්‍රීවරුන්ගේ සහ ඇමැතිවරුන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ දී එක්සත් ජාතික පක්ෂය ඒ ඒ දිස්ත්‍රික්කවල දී ක්‍රියා කළ යුතු ආකාරය ගැන ද ඉදිරියේ දී පොදු එකඟතාවයකට පැමිණීමට නියමිත බව ද සදහන්.

About article14

Check Also

සියලු තීරණ ගන්නේ ජලනි, එජාපෙ කැඩූ ජේෂ්ඨයන් අවුලෙන්, සජබෙන් ඉවත්වී ස්වාධින වනවා මුස්ලිම් කොන්ග්‍රසය කියයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පාර්ලිමේන්තු කටයුතු වලදී ස්වාධීනව කටයුතු කිරීමටත් අවධානය යොමු වී ඇති බව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!