Breaking News
Home / දේශීය පුවත් / හිටපු ප්‍රභල ඇමති හිටපු ජනපතිගේ දකුණු අත ජේරාජ් ඝාතනයට ලක්ෂ 7.5 ක් ගත්ත ලංකාවේ පොලිස් අධිකාරි

හිටපු ප්‍රභල ඇමති හිටපු ජනපතිගේ දකුණු අත ජේරාජ් ඝාතනයට ලක්ෂ 7.5 ක් ගත්ත ලංකාවේ පොලිස් අධිකාරි

2008 වසරේ වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගනය අසල හිටපු මහාමාර්ග අමාත්‍ය වගේම හිටපු ජනපතිගේ සමීපමතයකු හා එවකට ප්‍රභල කැබිනට් අමාත්‍යවරයකු වන ජේරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා මරාගෙන මැරෙන කොටි ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූවා. ඔහු සමග තවත් 16 ක් මේ සමග ඝාතනය වුනා.

එම ඝාතනයට අදාලව අධිකරණයේ නඩුවක් විභාගය වන අතර එහි විශේෂ කාරනාවක් හෙලිවී තිබෙනවා. ඒ ජේරාජ් ඝාතනය වෙනුවෙන් එවකට ගම්පහ සහකාර පොලිස් අධිකාරි ලක්ෂ්මන් කුරේ පවසා ඇත්තේ එම ඝාතනය වෙනුවෙන් ලක්ෂ 15 ක් ලැබිය යුතු වූවත් ලැබුනේ ලක්ෂ 7.5 ක් පමනක් බවයි. ඒ හිටපු කොටි සාමාජිකයකු වන අලී හසන් අන්සාර් නමැත්තකු ලක්ෂ්මන් කුරේ තමන්ට පැවසූ දෙයක් සාක්ෂි ලෙස දී තිබෙනවා.

මෙම ඝාතනයට අධි චෝදනා 31 ක් යටතේ නීතිපති වරයා නඩු පවරා ඇති අතර එහි කොටි නායකයකු වන මොරිස් නැමැත්තා, ධනුෂ්, හා එවකට ඒ.එස්.පී ලක්ෂ්මන් කුරේ නැමැත්තන්ටයි චෝදනා එල්ල කර ඇත්තේ.

හිටපු කොටි සාමාජික අලි හසන් අන්සර් අධිකරණයේ සාක්ෂි දෙමින් මෙසේ පවසා තිබෙනවා. ” මම ත්‍රස්ත ක්‍රියාවකට අත් අඩංගුවට පත්වෙලා ත්‍රස්ත විමර්ශන කඳවුරට යනකොට මොරිස් හා ඒ.එස්.පී. ලක්ෂ්මන් එම කඳවුරේ හිටියා. මම මොරිස් එක්ක හොඳින් මිත්‍ර වුනා. පුද්ගලික දේවල් පවා කථා කලා. එහිදි මොරිස් කිව්වේ ජේරාජ් ඝාතනය කලේ සත්‍යම් කියලා කොටියෙක් බවත් ඒ වෙනුවෙන් මොරිස්ට ලක්ෂ 15 ක් ලැබුන බවත්. එතකොට එවකට හිටපු සහකාර පොලිස් අධිකාරි පැවසුවේ මට ලැබුනේ ලක්ෂ 7.5 නේ කියලා. එතකොට මොරිස් කිව්වා එහෙම තමයි අපේ වැඩ කියලා.”

උපුටාගැනීම නයිඑෆ්.එම්

නැවත නඩුව ලබන මස 9 හා 16 විභාග කරනු ඇති. නීතිය හා සාමය රැකීමට ප්‍රදේශයක් බාරව සිටින පුද්ගලයින් රටේ ත්‍රස්ත ක්‍රියාවලට පුංචි මුදලකට පෙලබෙනවානම් අප මේ ජීවත් වන සමාජය කොතරම් භයානකද යන්න ඔබට වැටහෙනවා ඇති. එනම් අපගේ ජීවිත අප නොදැනුවත්වම මේ වන විටත් කාගේ හෝ ගොදුරක් වී ඇතිද යන්න අප නොදනී. දේශපාලනයේ ප්‍රභලයකු ඝාතනයට ලක්ෂ 7.5 ක සොච්චම් මුදලකට නීතිය රකින අධිකාරීවරු සම්බන්ධ වනවානම් අප මේ අවනඩුව කාටනම් කියන්නද? ඔබ දැන්වත් වටහා ගන්න අප ජීවත් වන රට බුදුන් තෙවරක් වැඩි රට කොතරම් භයානක අනාරක්ෂිත ස්ථානයක්ද යන්න.

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!