Breaking News
Home / ක්‍රිඩා / හිටපු ක්‍රීඩකයන් අගමැති ජනපතිගෙන් හරින්ද ඇමති දුරයෙන් ඉවත් කරන්නයි ඉල්ලීමක්

හිටපු ක්‍රීඩකයන් අගමැති ජනපතිගෙන් හරින්ද ඇමති දුරයෙන් ඉවත් කරන්නයි ඉල්ලීමක්

බංග්ලාදේශ තරගාවලියෙන් පසුව ක්‍රීඩා අමාත්‍ය ධූරයෙන් හරීන් ප්‍රනාන්දු මහතා ඉවත් කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෝ පිරිසක් ඔවුන් මුණ ගැසීමට වේලාවන් ඉල්ලා ඇතැයි වාර්තා වේ. මේ පිරිස අතර, 96 ලෝක කුසලානය දිනා දුන් කණ්ඩායමේ ක්‍රීඩකයෝද සිටින බව පැවසේ.

ඔවුන් කියා සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලෝක කුසලානයේ පළමු වටයෙන්ම එළියට විසිවීමට සියලු පුහුණුකරුවන් මෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයාද වගකිව යුතු බවයි. හතුරු ගෙනඒමට අනුමැතිය ලබාදුන්නේද ලෝක කුසලානයට යැවූ කණ්ඩායම සඳහා අනුමැතිය ලබාදුන්නේද ක්‍රීඩා ඇමතිවරයා බවද අදාළ පිරිස චෝදනා කරමින් මේවන විට ලිපි දෙකක් ජනපති හා අගමැති වෙත යොමුකර ඇති බව පැවසේ.

බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට ඔවුන්ගේ ධූර වලින් අස්වන්නැයි දන්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රිකට් ආයතනයට ලිපියක් මගින් දන්වා තිබේ.ඉන් අනතුරුව ඔවුන්ගේ කොන්ත්‍රාත්තු පිලිබඳ සලකා බලන ලෙසටත් අදාළ ලිපියේ සඳහන් බව වාර්තා වෙයි.

මේ අතර, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකදී හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ලංකාව අවුරුදු 52ක නායකයකුට යන බවට කර ඇති ප්‍රකාශයක් හේතුවෙන්ද එජාපයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් චෝදනා එල්ලව ඇති බව වාර්තා වේ. ඔහු එහිදී “මේක එක්සත් ජාතික පක්ෂයට හා අපේ රටට දේශපාලන වශයෙන් එපා වුණ කාලයක්. ඒකට සජිත් ප්‍රේමදාස මහතාගෙන් යම් කිසි බලාපොරොත්තුවක් ඇතිකරගන්න හැකියාව තිබෙනවා යනුවෙන් පවසා තිබේ.

මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේ වත්මන් ආණ්ඩුව යටතේ ගෙවුණු වසර 4 තුළදී ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වූ බවයි.

About article14

Check Also

නියෝජ්‍ය නායක හා නව මහලේකම් සම්බන්ධයෙන් තීරණයක් ගන්න රනිල් අද කෘත්‍යාධිකාරය කැදවයි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු  සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!