Breaking News
Home / දේශීය පුවත් / හිටපු අගමැති රනිල් 20 වන සංශෝධනයට එරෙහිව නඩු දමයි

හිටපු අගමැති රනිල් 20 වන සංශෝධනයට එරෙහිව නඩු දමයි

ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවේ දහනව වන සංශෝධනය අහෝසි කර විසිවන සංශෝධනය ගෙන ඒමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය මෙම තීරණය ගෙන ඇත්තේ පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව ය .

එක්සත් ජාතික පක්ෂයට අමතරව සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය ද විසි වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අධිකරණයට යෑමට මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිවේදනය කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සඳහා  විසි වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළ විගස ඊට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නීතිඥවරුන්ට උපදෙස් ලබාදී තිබේ .

About article14

Check Also

නියෝජ්‍ය නායක හා නව මහලේකම් සම්බන්ධයෙන් තීරණයක් ගන්න රනිල් අද කෘත්‍යාධිකාරය කැදවයි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු  සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!