Breaking News
Home / ක්‍රිඩා / හරි සැලැස්මකට ගියොත් අවුරුදු 2 න් ලෝකේ හොදම කණ්ඩායම වෙන්න පුළුවන් අවුරුදු 8 ක් මහන්සිවෙලා මන් එකක් හැදුවා. වැඩක්වුනේ නැ – මහේල පුවත්පතකට කියයි

හරි සැලැස්මකට ගියොත් අවුරුදු 2 න් ලෝකේ හොදම කණ්ඩායම වෙන්න පුළුවන් අවුරුදු 8 ක් මහන්සිවෙලා මන් එකක් හැදුවා. වැඩක්වුනේ නැ – මහේල පුවත්පතකට කියයි

මහේල ජයවර්ධන කාර්යබහුලය. ඔහුගෙන් වත්මන් ක්‍රිකට්‌ සංක්‍රාන්ති සමය ගැන දැන ගැනීමට බොහෝ දේ තිබේ. නමුත් එකම දෙය නැවත වතාවක්‌ මෙනෙහි කිරීමට ඔහු අකමැතිය. මීට මාස කිහිපයකට පෙර ‘දිවයින ඉරිදා’ සංග්‍රහයට කියූ ක්‍රිකට්‌ හදන හැටි තවමත් නොවිසඳී ඇති කරුණකි. කෙසේ වෙතත් ක්‍රිකට්‌ පරාජය නවතා දමා යළිත් නැඟී සිටින්නට මහේලලා ඉදිරිපත් කළ දැක්‌ම ක්‍රියාත්මක කළ යුතු කාලයකි මේ. ඉකුත් සතියේ ‘තෙවැනි ඇසට’ මුරලි කියූ කරුණු සඳහන් කළාක්‌මෙන් මෙවර මහේල කියූ කතාව මෙසේ සටහන් කරමු.

දිවයින – ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ස්‌වර්ණමය යුගය මහේල සහ සංගක්‌කාරගේ යුගයෙන් පස්‌සෙ අවසන් වෙලා තියෙනවා. දැන් ඇතිවී ඇති තත්ත්වය ගැන ඔබට දුක හිතෙන්නෙ නැද්ද මෙතැනින් ගොඩ ගන්න යමක්‌ කරන්න ඕන කියලා.?

මහේල – ඇතිවී තියෙන තත්ත්වය ගැන මට කනගාටුයි. නමුත් මට බලෙන් ඇවිල්ලා මුකුත් කරන්න බැහැ. මම ක්‍රිකට්‌ කමිටුවකත් හිටියා. එතනදි මම ක්‍රිකට්‌ සැලැස්‌මක්‌ හැදුව මට පුළුවන් විදිහට. මම කියන්නෙ නැහැ ඒක ක්‍රියාත්මක කරන්න කියලා. තව කවුරු හරි ඊට වඩා හොඳ සැලැස්‌මක්‌ හදනවනම් හොඳම දේ ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම වෙනසක්‌ වෙන්නෙ නැතිව අපේ ක්‍රිකට්‌ ගොඩ ගන්න බැහැ කියල අපි ගොඩක්‌ කල් ඉඳල කියනවා.

දිවයින – ඔබ සකස්‌ කළ ක්‍රිකට්‌ සැලැස්‌මට අගමැතිවරයා සහ හිටපු ක්‍රීඩා ඇමැතිවරයාත් අනුමැතිය දුන් බවට වාර්තා වුණා. නමුත් දැන් ඒක සොයා ගන්නවත් නැහැ. ඇත්තටම ඔබ මහන්සියෙන් හදපු දෙයට වටිනාකමක්‌ නැති නිසා කලකිරීමෙන්ද ඉන්නෙ?

මහේල – ඇත්තටම මට ඒ සැලැස්‌ම හදන්න මාස අටක්‌ විතර ගියා. රටවල් පහක පළමු පෙළ සහ අනෙකුත් ක්‍රිකට්‌ ආකෘති නිරීක්‍ෂණය කරල සෑහෙන මහන්සි වෙලා හැදුවා. ඉතින් මට පුළුවන් දේ මම කරල දුන්නා. ඒක ක්‍රියාත්මක කරනවද නැද්ද කියන තීරණය මට ගන්න බැහැ. නමුත් මම ආයිත් ඒ වාර්තාව නැතිව ක්‍රිකට්‌ දියුණු කරන වැඩ පිළිවෙලකට එන්නෙ නැහැ. ඒ කියන්නෙ මගේ වාර්තාවම ක්‍රියාත්මක කරන්න ඕන කියල නෙමෙයි. වඩාත් හොඳ දෙයක්‌ සිදුවිය යුතුයි.

දිවයින – ඔබ හදපු ක්‍රිකට්‌ සැලැස්‌මට සිදත් වෙත්තමුණි ඇතුළු මෙරට ක්‍රිකට්‌ ප්‍රවීණයන් බොහෝ සතුටු වුණා. නමුත් දැන් ක්‍රිකට්‌ පරාජය වෙනවා. මේකට හේතුව පරිපාලනයේ අවුලද?

මහේල – මම පිළිගන්නෙ නැහැ අවුරුදු දෙකේ ක්‍රිකට්‌ පාලනය කරපු අය හින්දම ක්‍රිකට්‌ වැටුණා කියලා. කවුරු මොනව කිව්වත් අපේ පළමු පෙළ ක්‍රිකට්‌ වෙනස්‌ වෙන්නෙ නැතිව සුපිරි ක්‍රීඩකයන් හදන්න අමාරුයි.

දිවයින – ක්‍රිකට්‌ ආයතනය පළාත් තරගාවලියක්‌ පවත්වනවා. ඒ පළාත් තරගාවලියට ක්‍රීඩා කරන්නෙ කණ්‌ඩායම් හතරයි. ඊට වැඩිය එහා ගිය සැලැස්‌ම මොකක්‌ද?

මහේල – මෙහෙමයි. පළාත් තරගාවලියක්‌ කියල කණ්‌ඩායම් හතරකට ක්‍රීඩකයන් බෙදල පැවැත්තුවට හොඳ ක්‍රීඩකයන් බිහි වෙන්නෙ නැහැ. එක්‌ එක්‌ පළාත්වලට මධ්‍යස්‌ථානයක්‌ පිහිටුවල ඒ ඒ පළාතේ ක්‍රීඩකයන් ක්‍රීඩාකරන වැඩපිළිවෙලක්‌ තමයි සකස්‌ කළ යුත්තේ. එහෙම අවුරුදු දෙක තුනක්‌ ක්‍රීඩා කරන විට ක්‍රීඩකයන් සොයා ගන්න පුළුවන්. ඒ නැතිව ක්‍රීඩකයන් ටිකක්‌ අරගෙන පළාත් හතරට බෙදල පවත්වන එක සාර්ථක නැහැ.

දිවයින – ඇත්තටම ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ක්‍රීඩාවට වැරදුනේ කොතැනින්ද

මහේල – මම කියන්නෙ නැහැ කරපු හැම දෙයක්‌ම වැරදියි කියලා. යම් කිසි තැන්වල ස්‌ථාවරත්වයක්‌ තිබුණෙ නැහැ. එහෙම වුණහම ක්‍රීඩකයන්ට විශ්වාසය නැති වෙනවා. විශ්වාසය නැති වුණහම ක්‍රීඩකයන් තරග දිනවන සැලැස්‌මට වඩා තමන්ට ලකුණු ගන්න උත්සහ කරනවා. ඒක සාමාන්‍ය දෙයක්‌. නමුත් ක්‍රීඩකයනුත් දැන ගන්න ඕන ඔවුන්ගෙ වගකීම ඉටු කරන්න. මේ දෙක හරියට සිදු වුණේ නැහැ.

දිවයින – ඔබ ක්‍රීඩා කරන කාලයේ මානසික වැටුණ අවස්‌ථා නැති නිසා තරග දිනුව කියලද කියන්නෙ?

මහේල – මම කියන්නෙ ඕනෑම අවස්‌ථාවක ක්‍රීඩකයන්ට එක එක පීඩන එන්න පුළුවන්. අපි ඒවා කළමනාකරණය කරගෙන ඉදිරියට යන්න ඕන. ක්‍රීඩකයන් දැන ගන්න ඕන ඔවුන්ගෙ වගකීම අරගන්න. ඒකට අනිත් අය සහය දෙන්න ඕන කියන එකයි මම කියන්නෙ.

දිවයින – මහේල සහ සංගා අනාගතය සඳහා ක්‍රීඩකයන් ආයෝජනය කළේ නැහැ කියල ඇතමුන් චෝදනා කරනවා.

මහේල – අපිට පුළුවන්ද ක්‍රීඩකයන් හදන්න. පුහුණුකරුවන්, තේරීම් කමිටු සහ තවත් පරිපාලකයන් තමයි ක්‍රීඩකයන් හදන්න ඉන්නෙ. නමුත් අපි ගහන කාලේ ඇන්ජලෝ මැතිව්ස්‌, දිනේෂ් චන්දිමාල් සහ ළහිරු තිරිමාන්න ක්‍රීඩා කළා. ඊට පස්‌සෙ කුසල් පෙරේරා, තිසර පෙරේරා, දිමුත් කරුණාරත්න වගේ ගොඩක්‌ අය ක්‍රීඩා කළා.

දිවයින – දැන් තියෙන තත්ත්වය අනුව අපේ ක්‍රිකට්‌ ගොඩ ගැනීම අපහසු තැනකට වැටිලද තියෙන්නෙ

මහේල – මගේ පෞද්ගලික ස්‌ථාවරත්වයක්‌ තියෙනවා. ඒ කියන්නෙ අපේ ක්‍රිකට්‌වලට ගැලපෙන සාරධර්ම තියෙන්න ඕන. මේ තියෙන තත්ත්වයෙන් ගොඩ එන්න අමාරු නැහැ. හැබැයි වෙනස්‌කම් කරන්න ඕන. සමහර ඒවා ටිකක්‌ බැරෑරුම් වෙනස්‌කම්. ඒ අනුව යම් කිසි සැලැස්‌මකට ගියොත් තව අවුරුදු දෙකකින් අපිට ලෝකයේ හොඳම කණ්‌ඩායම වෙන්න නැවතත් පුළුවන්.

පුවත් මුලාශ්‍රය – දිවයින පුවත්පත

About article14

Check Also

සිරිසේන ජනපති දෙවන විශ්වාස බංගයත් පිලි නොගනී. දෙමල සන්ධානය මුණගැසීමට එන්න කියයි. අපේ ස්ථාවරේ වෙනසක් නැ සම්බන්දන් කියයි

ඊයේ (16) පාර්ලිමේන්තුවේදී විශ්වාසය බංගයක් සම්මත කල වග කතානායක දැනුම් දුන්නත් එය පිළිනොගන්නා බව සිරිසේන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!