Breaking News
Home / දේශීය පුවත් / හමුදාව ඉන්ධන බෙදීම අරභයි. නොඑන බවුසර් බලපත්‍ර අහෝසි

හමුදාව ඉන්ධන බෙදීම අරභයි. නොඑන බවුසර් බලපත්‍ර අහෝසි

ත්‍රිවිධ හමුදාව මේවන විට තෙල් බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

එහෙත් ඛනිජ තෙල් සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ.රාජකරුණා සඳහන් කළේ හමුදාවට සියලු කටයුතු කිරීමේ හැකියාවක් නොමැති බවයි.

මේ අතර සියලූම ඉන්ධන සැපයුම් හා බෙදාහැරීම් අත්‍යවශ්‍ය මහජන සේවයක් බවට පත් කරමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ගැසට් නිවේදනය නිකුත් කර තිබීම නිසා අද (26) සේවයට වාර්තා නොකරන සේවකයන් සේවය අතහැර ගියා සේ සැලකීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම අත්‍යවශ්‍ය මහජන සේවා ගැසට් නිවේදනය නිසා ඉන්ධන බෙදා හැරීමට නොපැමිණෙන බවුසර්වල තෙල් බෙදාහැරීමේ බලපත්‍ර ද අහෝසි කිරීමේ හැකියාව පවතිනවා.

About article14

Check Also

මහින්ද හා චම්පික රණවක දෙදෙනා පාර්ලිමේන්තු කලබලය මැද කතා කර කර සිටින විට ලොහාන් රත්වත්තේ චම්පිකට පහර දෙයි

වෙල්ගම මන්ත්‍රීවරයා මෑතකදී කියූ ‘ඔබේ අත් දෙකේම ලේ’ යයි චෝදනා කල ලොහාන් චම්පිකට පහරදුන් විදිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!