එක්සත් ජාතික පක්ෂයට නව සංවිධායකවරුන් පත් කිරීමේ දී පසුගිය පාර්ලිමේන්තුවට තරඟ කළ, පක්ෂය සමඟ සිටිමින් එහෙත් ඡන්දවලට ඉදිරිපත් නොවූ සහ අලුතින් පක්ෂයට එකතු වූ යන කණ්ඩායම් තුන අතුරින් සුදුස්සන් තෝරා පත්කර ගන්නා ලෙස හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (11) උපදෙස් දුන්නේය.
ආසන සංවිධායකවරුන් තෝරාගැනීමේදී පරණ මුහුණු ජනතාවට අලුත් දෙයක් කියනවාට වඩා අලුත් මුහුණු රටට අලුත් දෙයක් කීම වඩා ප්රයෝජනවත්ය යන කාරණය සැලකීමට ගත යුතු බවද රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් වල සඳහන්ය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ උපදෙස් ලබා දුන්නේ එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, සභාපති වජිර අබේවර්ධන සහ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහත්වරුන් ඊයේ හමුවූ අවස්ථාවේදීය.
පිටින් ගෙනෙන පුද්ගලයන් දේශපාලනයේ මුදුන් පෙත්තට නැගීම මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගෙන් පටන්ගෙන ගෝඨාභය රාජපක්ෂ වත්මන් ජනාධිපතිවරයාගෙන් අවසන් වනු ඇතැයි ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීය.
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලනය ද වෙනස් විය යුතු ආකාරය පිළිබඳව අවධානය යොමු කරන අතරම පක්ෂයේ දේශපාලන පණිවිඩය ගමට ගෙන යන වැඩපිළිවෙළ ද සකස් කරන ආකාරය පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
පක්ෂයට අලුතින් එකතු වන තරුණ පිරිසට වැඩි දේශපාලන ඉඩක් වෙන් කිරීමේ අවශ්‍යතාවය ද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.Sujeewa • 5:20 PM