Breaking News
Home / ක්‍රිඩා / හතුරු හොයාගත් අළුත් විදුලිසැරය ෂෙහාන්ට නිදහස් කුසලානය අහිමිවෙයි ඒ වෙනුවට ඇතුලට එන්න යන තරුණයෝ සහ ලෝකපුජිතයෝ

හතුරු හොයාගත් අළුත් විදුලිසැරය ෂෙහාන්ට නිදහස් කුසලානය අහිමිවෙයි ඒ වෙනුවට ඇතුලට එන්න යන තරුණයෝ සහ ලෝකපුජිතයෝ

Image result for shehan madushanka injured

ජාත්‍යන්තර තරඟ තුනකට පමණක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනයක කලද ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් තුල මතකයන් රැසක් ඉතිරි කල ක්‍රීඩකයෙකු ලෙස ෂෙහාන් මධුශංක හැඳින්විය හැක.

තමන් සහභාගී වූ පළමු එක්දින තරඟයේදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ෂෙහාන් බංගලාදේශයේ පැවති තුන්කොන් තරඟාවලියේ අවසාන තරඟයේ අවසාන පන්දුවේදී කඩුල්ලක් සමඟ කඩුලු ත්‍රිත්වයක් ලබාගෙන ඇති නිසා ඔහු නැවත මුහුණ දෙන එක්දින තරඟයේ යවන පළමු පන්දුවෙන් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුව හොත් ලසිත් මාලිංග මෙන් පිට පිට කඩුලු 4ක් ගත් ක්‍රීඩකයෙකු ලෙසද වාර්තා පොතට එකතු වනු ඇත.

ෂෙහාන් ගැන මේ දිනවල ක්‍රිකට් ලෝලීන් කතා කරන්නේ බංගලාදේශය සමඟ ඔහු ක්‍රීඩා කල අවසාන T20 තරඟයේ කඩුලු දෙකක් බිඳ දැමීමෙන් පසුව අභාදයට ලක්වූ නිසා නිදහස් කුසලානයට ඔහු ක්‍රීඩා කරනු ඇත්ද යන්න පිලිබඳවය.

අභාදයේ ස්වබාවය අනුව මාසයක පමණ විවේක ගැනීමක් ෂෙහාන්ට අවශ්‍ය නිසා නිදහස් කුසලානය ෂෙහාන්ට ක්‍රීඩා කිරීමට නොහැකි වන බව වාර්තා වන අතර එසේ වුව හොත් ඔහුගේ තැනට ක්‍රීඩා කරන්නේ කවුරුන්ද යන්න ප්‍රශ්නයක් වන අතර බොහෝ විට ඉන්දියාව හමුවේ අවසාන T20 තරඟයේ සාර්ථක පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර එම තැනට ආදේශ විය හැකි අතර,සුරංග ලක්මාල්,නුවන් ප්‍රදීප් ද මේ සටනේ සිටින අනෙක් ක්‍රීඩකයන් ය.

Image result for lasith malinga and kulasekara

ශ්‍රී ලංකා තණතිලි වල දිවාරාත්‍රී තරඟවල පන්දුව දෝලනය කිරීමට හැකි නුවන් කුලසේකර හෝ විකුම් සංජය ශ්‍රී ලංකා සංචිතයට නම් කල හොත් ඒ ගැනද පුදුම විය යුතු නැති අතර අත්දැකීම් බහුල ලසිත් මාලිංගට අවස්තාවක් ලැබේදැයි මාලිංගට ආදරය කරන ක්‍රීඩා ලෝලීන් දැඩි අවදානයකින් ඇත.

 

About article14

Check Also

මහින්ද එංගලන්තේ ගිහිං රැජින හමුවෙලා ඉගනගත්ත බුද්ධි පරීක්ෂාව ලංකාවට ඇවිත් හොඳම ගෝලයා විමල් එක්ක කරපු හැටි

මහින්ද විමල්ගේ බුද්ධිය පරික්ෂාවට ලක්කරයි …. !! දිනක් හිටපු ජනපති මහින්ද ඇතුලු පිරිස එන්ගලන්ත සංචාරයක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!