Breaking News
Home / ක්‍රිඩා / හතුරු ඕස්ට්‍රේලියානු වැඩකරුවන් සියල්ල ලංකාවට ගෙනෙයි වික්ටෝරියා විශේෂ වේග පන්දු උපදේශකයෙක් ආබාද වලකන්න ගෙනෙයි

හතුරු ඕස්ට්‍රේලියානු වැඩකරුවන් සියල්ල ලංකාවට ගෙනෙයි වික්ටෝරියා විශේෂ වේග පන්දු උපදේශකයෙක් ආබාද වලකන්න ගෙනෙයි

ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් වික්ටෝරියා හි ඉහළ දස්කම් කළමනාකරු වන ටිම් මැකාස්කිල් මහතා එළඹෙන ජුනි මස 6 වැනිදා ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු විශේෂඥයා ලෙස පත්කර ඇත.

47 හැවිරිදි මැකාස්කිල් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් නොලැබුවත්, ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස සිය රාජකාරි කටයුතු කිරීමට පෙර 90 දශකයේ දී එරට දේශීය ක්‍රිකට් තරගාවලි තුළ ක්‍රීඩා කර ඇත.

ඔහු මැයි මස පළමු සතියේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු වන රුමේෂ් රත්නායක සමඟ කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජුනි මාසයේ දී පැවැත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට කොදෙව් රට බලා පිටව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන්නන් සමඟ පුහුණුවීම් වල නිරත වෙනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කළ ඉල්ලීමකට අනුව මැකාස්කිල් මහතා මෙරටට කැඳවා ඇත.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ වේගපන්දු යවන්නෙකු වන ජේම්ස් පැටින්සන් 2015 වර්ෂයේ දී ආබාධයකට ලක්වූ අතර එම ආබාධයට පසුව ඔහුට නැවතත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට පිවිසීමට සහය වී ඇත්තේ ටිම් මැකාස්කිල් මහතායි.

කොදෙව් දේශය බලා පිටත්ව යාමට පෙර නම් කරනු ලබන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ මූලික සංචිතයට පල්ලෙකැලේ පිහිටි ඉහළ දස්කම් මධ්‍යස්ථානයේ දී දින 10ක නේවාසික පුහුණුවක් පැවැත්වෙන අතර එහි දී ද මැකාස්කිල් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන්නන් සමඟ කටයුතු කරනු ඇත. කොදෙව් දේශය බලා පිටත්ව යන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම මැයි මස 23 වනදා දිවයිනෙන් පිටත්ව යනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග කාලසටහන

පුහුණු තරගය: මැයි 30 – ජුනි 1, බ්‍රයන් ලාරා ක්‍රිකට් ක්‍රීඩාංගණය, ට්‍රිනිඩෑඩ්.
පළමු ටෙස්ට් තරගය: ජුනි 6 – 10, කුවින්ස් පාක් ඕවල්, ට්‍රිනිඩෑඩ්.
දෙවන ටෙස්ට් තරගය: ජුනි 14 – 18, කෙන්සින්ටන් ඕවල්, බාබඩෝස්.
තෙවන ටෙස්ට් තරගය: ජුනි 23 – 27, ඩැරන් සැමි ක්‍රිකට් ක්‍රීඩාංගණය, සාන්ත ලුසියා

About lanka_2

Check Also

ලුණු බික්කත් බඩට කියමින් සිරිසේන නැවත දූර කාලය 2020 මැයි දක්වා වැඩි කරගැනීමට යටි කුට්ටු ගේමක් ගසමින් යයි. නිදහස් පක්ෂ නායකයන්ට අකණ්ඩව රටේ නායක කම වසර 26 ක්

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ ධුරකාලය අවසන් වන්නේ 2020 මැයි 26 වැනිදා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් වසන්ත …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!