Breaking News
Home / ක්‍රිඩා / හතුරුසිංහ ඉවතට. දකුණු අප්‍රිකානු සංචාරය ශ්‍රී ලංකා ඒ පුහුණුකරු අවිශ්කට ලෝක කුසලානය ගැන ඇමති හරින් මුම්බායි පුහුණුකරු මහේල සමගත් සාකච්චාවක්

හතුරුසිංහ ඉවතට. දකුණු අප්‍රිකානු සංචාරය ශ්‍රී ලංකා ඒ පුහුණුකරු අවිශ්කට ලෝක කුසලානය ගැන ඇමති හරින් මුම්බායි පුහුණුකරු මහේල සමගත් සාකච්චාවක්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන චන්දික හතුරුසිංහ මීලග තරග සංචාරයේදී සහභාගී කර නොගැනීමට ඉඩ ඇති බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආරංචි මාර්ග කියයි.ඒ අනුව මීලගට සිදු කිරීමට නියමිත දකුණු අප‍්‍රිකානු සංචාරය සදහා පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන හෝ ස්ටීවන් රික්සන් පත් කිරීමට ඉඩ ඇතැයිද වාර්තා වෙයි.

එසේම ඇමති හරින් ප්‍රනාන්දු මහේල සමගද සාකචාවක් කර ඇති බව ඔහු පවසා සිටියා. ලෝක කුසලානයේ පුහුණුකරු ලෙස හතුරුසිංහ යොදා ගන්නවද නැතිනම් වෙන අයෙක් යවනවාද යන්නත් තවම අවිනිශ්චිත කාරණයක්.රුපියල් ලක්‍ෂ 75කට ආසන්න මාසික වැටුප් හා දීමනා ලබා දෙමින් චන්දික හතුරුසිංහ පුහුණුකරු ලෙස කටයුතු කලද කණ්ඩායමේ සැලකිය යුතු ප‍්‍රගතියක් නොපෙන්වීම සම්බන්ධයෙන් සියළු පාර්ශවයන්ගෙන් විවේචන එල්ල වෙමින් ඇත.

මේ අතර ඉදිරි ක්‍රිකට් නිලවරණයේදී උප සභාපති තනතුරක් සඳහා තරක කරන බව අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසනවා. එසේම රට පිළිබඳව අවධානය යොමු නොකරමින් තමන් වෙනුවෙන් පමණක් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන පුද්ගලයන් කණ්ඩායමෙන් ඉවත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.උඩුගම්පොල පැවැති ක්‍රීඩා උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.“ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තියෙන්නේ තවත් මාස කිහිපයක් පමණයි. ලෝක කුසලානය දිනා ගන්න තියා අවසාන තරගවලට එන්න පුළුවන් තත්වයක්වත් දැන් තියෙනවාද කියලා ප්‍රශ්නයක් අපට තියෙනවා. ක්‍රිකට් අද වැටිලා තියෙන්නේ ඉතා භයානයක තත්ත්වයක. ජනතාව මගෙන් ප්‍රශ්න කරනවා ඇයි මේ නිහඬ කියලා.

ඒ නිසා තමයි ‍මම මෙවර නිලවරණයට ඉදිරිපත් වෙන්න තීරණය කළේ.අපි මෙවර ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වෙන්නේ එක් පාර්ශ්වයක් ලෙසින්. ක්‍රිකට්වලට යමක් කරන්න කැමැති අයයි ඒ පාර්ශ්වයේ ඉන්නේ. අපි කණ්ඩායමක් විදියට මේ නිලවරණයෙන් ජයග්‍රහණය කළාට පස්සේ අනිවාර්යෙන්ම ක්‍රිකට් හදනවා. පසුගිය කාලේ ක්‍රිකට් ක්‍රීඩාවට ආ සල්ලි කොහේ ගියාද කියලත් හොයනවා. මම ඒ සඳහා ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් ආශිර්වාදය ලබා ගන්නවා. අපි අපේ රටේ ක්‍රිකට්වලට ආ ‍මුදල් ගසා කෑවේ කවුද කියලා හොරකම් කළේ කවුද කියලා රටට පෙන්වන්න ඕන.වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීමට මූලිකම හේතුව නුසුදුසු පුද්ගලයෝ පරිපාලනයට පැමිණීම.

මට ඇත්තටම සභාපති ධුරයට සුදුසුකම් තියෙනවා. නමුත් ක්‍රිකට් නීතියට අනුව මට සභාපති ධුරයට තරග කරන්න බැහැ. ඒ නිසා මම මෙවර නිලවරණයේදී උපසභාපති ධුරයට තරග කරන්න තීරණය කරලා තියෙන්නේ. ක්‍රිකට් පරිපාලනය වගේම ක්‍රීඩකයින්ගේ මොළත් ශුද්ධ කරන්න ඕන. ක්‍රීඩකයින්ගේ විනය ගැන අපිට ලොකු ප්‍රශ්න තියෙනවා. කැපවීමත් අවශ්‍යයි. ඒවා හදාගන්න පුළුවන්.ක්‍රීඩකයින්ට තමන්ට රටට ක්‍රීඩා කිරිමට අවශ්‍යතාවය නැත්නම් ඒ අය ක්‍රීඩා කරන්න ඕනි නෑ. තවත් ඕනි තරම් මේ රටේ ක්‍රීඩකයෝ ඉන්නවා. අපි ඉදිරියේදි මේ කටයුතු සාර්ථකව කරගෙන යන්න කටයුතු කරනවා.” එම ප්‍රකාශය පහතින්

About article14

Check Also

ලංකාවේ ජේෂ්ඨ ක්‍රීඩකයන්ට පළමුවරට ක්‍රිකට් සභාපති වූ පුද්ගලයා හා තේරීම් ප්‍රධානියා නැමැත්තා ප්‍රසිද්දියේ මාධ්‍ය ඉදිරියේ අපහස කරයි

18 වනදා වන විට ලෝක කුසලානයට සහබාගිවන රටවල් වලින් කොදෙව් කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම හැර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!