Breaking News
Home / ක්‍රිඩා / හතුරුසිංහට කලගුණ වලට බංගලාදේශයෙන් ස්තූතිය සහ නව තනතුරට සුභ පැතුම්! පුහුණුකරුවකු නැතිව හතුරුට අභියෝගෙට එයි

හතුරුසිංහට කලගුණ වලට බංගලාදේශයෙන් ස්තූතිය සහ නව තනතුරට සුභ පැතුම්! පුහුණුකරුවකු නැතිව හතුරුට අභියෝගෙට එයි

බංගලාදේශය මේ වන විට කොදෙව් හිටපු ක්‍රීඩක පිල් සිමන් සහ රිචඩ් පේබස් යන අය මේ වන විට පුහුණුකරු දූරයට පත් වීමට තම පරීක්ෂන සදහා සහභාගි වී තිබෙනවා.

එසේම නායකයන් වන මොටාසා, රහීම් හා ශකිබ් අල් හසන් සහ කලමණාකරු කලීඩ් මහමුඩ් ඇතුලු පාලක මන්ඩලය සකඡචාවක් පවත්වා ඇති අතර එහි ක්‍රීඩකයන්ගේ මතය වී ඇත්තේ දැනට සිටින කාර්යමන්ඩලය සමග යාමටයි.

ඒ එලබෙන ජනවාරි ශ්‍රී ලංකාව බංගලාදේශයේ සංචාරයක යෙදෙන නිසයි. ඔවුන්ගේ මතය ඉක්මන් තීරණ නොගැනීමටයි. මාස තුනකට පෙර තමන්ගේ ගුරුවරයා විරුද්ධ කණ්ඩායමක් සමග පැමින තමන්ටම එරෙහිවීමට ඔවුන් ප්‍රතිචාර දක්වන්නට යන්නේ හිටපු ගුරුවරයාගේම සහය කාර්ය මණ්ඩලයත් සමගයි.

කෙසේ වෙතත් කලමනාකරු පවසන්නේ පවතින කාර්යමන්ඩලය සමග ශ්‍රී ලංකා සංචාරය කල හැකි බවයි. එහෙත් ඉරිදා(10) පැවැත්වෙන රැස්වීමේදී නව පුහුණුකරුවකු තෝරා ගැනීමට අදහසක් ඇති බව සදහන්. එසේ නොවුනොත් කලීඩ් මහමුඩ් හෝ සහය පුහුනුකරු රිචඩ් හල්සාල් වැඩබලන පුහුණුකරු ලෙස ක්‍රීඩා කරනු ඇති.

එසේම ශ්‍රී ලංකා නව ප්‍රධාන පුහුනුකරු චන්දික හතුරුසිංහ ඩකා වෙත ලගා වී තිබෙනවා. ඒ නිල වශයෙන් කටයුතු හමාර කිරීමට. ඔහු නවාතැන් අරන් සිටින හෝටලයේම හෙට දින නව පුහුණුකරු තේරීමේ රැස්වීම පැවැත්වීමට නියමිතයි. එසේම බංගලි සභාපති හතුරුසිංහට මෙතෙක් කල් කල සේවයට ස්තූති කරන අතර නව තනතුරට සුභපතා තිබෙනවා. නමුත් ඔවුන් හතුරුසිංහගේ ඉවත්වීම හා ඒ සමගම ලංකාව සමග එකතුවීම පිලිබද එතරම් හොඳ හිතකින් නොමැති බවයි පෙනී යන්නේ.

About article14

Check Also

ආරක්ෂක අංශ සාමන්‍ය ජනතාවගෙන් අත්පත් කරගත් ඉඩම් වලින් 75% ක් මේ රජය නිදහස් කල බව දෙමල සන්ධානයෙන් සහතිකයක්

යුද්ධයෙන් පීඩාවට පත්වූ යාපනය ඇතුළු උතුරු ප්‍රදේශය යලි නගා සිටුවා පෙර පැවති අයුරින්ම යාපනය ශ්‍රී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!