Breaking News
Home / ක්‍රිඩා / සුමතිපාල පරදා අර්ජුන ක්‍රිකට් සභාපති කරන්න ආණ්ඩුවේ ප්‍රභලයන්ගෙන් සැලැස්මක්. අරලිය ගහ මන්දීරයේදී සාකඡ්චාවක්

සුමතිපාල පරදා අර්ජුන ක්‍රිකට් සභාපති කරන්න ආණ්ඩුවේ ප්‍රභලයන්ගෙන් සැලැස්මක්. අරලිය ගහ මන්දීරයේදී සාකඡ්චාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුර සඳහා අර්ජුන රණතුංග මහතා පත්කිරීමට. රජයේ ඉහළම බලධාරීන්ගේ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ක්‍රිකට් නිලවරණයට අර්ජුන රණතුංග මහතාව පුළුල් සන්ධානයකින් ඉදිරිපත් කර ඔහුව ජයග්‍රහණය කරවීමට මෙහිදී අවධානය යොමුව තිබේ.

වත්මන් ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාද නැවතවරක් ක්‍රිකට් සභාපති ධුරයට තරග කිරීමට නියමිතව තිබේ. පසුගිය නිලවරණයේදී අර්ජුන රණතුංග මහතා උපසභාපති තනතුරට තරග කළ අතර එහිදී ඔහු පරාජයට පත්ව ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (19දා) පෙරවරුවේදී අරලිය ගහ මන්දිරයේදි අලුත් අවුරුද්ද වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් පැවැත්වූ අතර එයට අර්ජුණ රණතුංග මහතාද එක්ව සිටියේය.

මෙහිදීද මේ සම්බන්ධයෙන් නොනිල මට්ටමින් සාකච්ඡා වී ඇති බව වාර්තා වෙයි.

About lanka

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!