Breaking News
Home / ක්‍රිඩා / සුමතිපාල තව වසරකින් නිලබලය වැඩිකර ගැනීමට උත්සහයක් එහෙත් ඒ වෙනුවට එජාප ප්‍රභලයන් දෙන්නෙක් රිංගන්න දගලයි

සුමතිපාල තව වසරකින් නිලබලය වැඩිකර ගැනීමට උත්සහයක් එහෙත් ඒ වෙනුවට එජාප ප්‍රභලයන් දෙන්නෙක් රිංගන්න දගලයි

ශ‍්‍රී් ලංකා ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ ධූර කාලය මෙම වසරේ මැයි මස 26 වැනිදා අවසන් වන බවට මාධ්‍ය වාර්තා පළවෙයි.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වාර්ෂික රැුස්වීම මැයි මස 26 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එම දිනයේදී සුමතිපාල මහතා වෙනුවට වෙනත් අයෙකු ක‍්‍රිකට් සභාපති ලෙස පත්වනු ඇති බවට එම වාර්තා වැඩිදුරටත් දක්වයි.

ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා තිලංග සුමතිපාල තවත් වරක් එම ධූරයට තරගවැදීම සම්බන්ධයෙන් සිය අකමැත්ත ප‍්‍රකාශ කර ඇති බවත් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා නීති අනුව ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට යම් අයෙකු සභාපති ධූරට සදහා තරගවැදීම නතර කිරීමට සදහා අයිතිය තිබෙන බවත් එම වාර්තා තවදුරටත් දක්වයි.

තිලංග සුමතිපාල මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වසරේ දරුණු පරාජයට ලක්වු අතර නායකයින් 7 දෙනෙකු යටතේ තරග 57කදී ජයගත හැකි වුයේ තරග 14ක් පමනි.තරග 40ක් ශ‍්‍රී ලංකා කණ්ඩායම පරාජය වීමට සිදුවිය.

ලබන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත නිදහස් කුෂලානය තිලංග සුමතිපාල මහතාගේ සහභාගීත්වයෙන් යුතුව ශ‍්‍රී ලංකා කණ්ඩායම තරග වදින අවසන් තරගාවලිය වන අතර එම තරගාවලිය ඉන්දියාව බංගලාදේශ කණ්ඩායම් සමග පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතව ඇත.

තිලංග සුමතිපාල මහතාගෙන් පසු එම ධූරයට පත්කිරීමට යෝජිත නම් අතර එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයින් දෙදෙනෙකු සිටින බවද එම ආරංචි පවසයි.

Breakingnews

About article14

Check Also

කොළඹ පුරපති රෝසිගේ රත්තරන් වැසිකිලිය වගේම පඩියත් වැඩිකරගන්න යයි දැනට මාසිකව ලක්ෂ 24 ක් පඩි වලට වැයවෙද්දීත් ඒක ලක්ෂ 77 ක් කරගෙන

කොළඹ මහ නගර සභා මන්ත්‍රීවරුන්ගේ මාසික දීමනාව රුපියල් 20,000 සිට රුපියල් 45,000 ක්‌ දක්‌වා වැඩි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!