Breaking News
Home / ක්‍රිඩා / සුපිරි හයක් විවේක ගන්වමින් ශර්මාට සහ ධවාන්ට කණ්ඩායම බාර දෙමින් ලංකාව දෙකයි පනහට දමමින් ඉන්දියාව නවකයින් රොත්තක් නිදහස් කුසලානෙට එවයි

සුපිරි හයක් විවේක ගන්වමින් ශර්මාට සහ ධවාන්ට කණ්ඩායම බාර දෙමින් ලංකාව දෙකයි පනහට දමමින් ඉන්දියාව නවකයින් රොත්තක් නිදහස් කුසලානෙට එවයි

Image result for virat kohli with dhoni

එළඹෙන නිදහස් කුසලාන තරඟාවලිය සඳහා ක්‍රීඩා කරන ඉන්දීය සංචිතය මීට මොහොතකට පෙර ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් නම් කර ඇති අතර නම් කල සංචිතය සඳහා නිත්‍ය නායක විරාත් කෝලි, එම් එස් දෝනි, වේග පන්දු යවන්නන් වන බුවනෙශ්වර් කුමාර් සහ ජෂ්ප්රිට් බුම්රා නම් කර නැත. එමෙන්ම දකුණු අප්‍රිකානු සංචාරයේ දී ආබාධයට ලක් වූ කුල්දීප් යාදෙව් ද සංචිතයට නම් කර නැති අතර තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩේ ද විවේකය ලබා දී ඇත,

Image result for bumbra with pandya

කණ්ඩායමේ නායකයා ලෙස රෝහිත් ශර්මා නම් කර ඇති අතර උප නායකත්වයට පත්කර ඇත්තේ ශර්මාගේ ආරම්භක පිතිකරණ සහයකයා වන ශිකර් ධවාන්ය.

මෙලෙස ප්‍රධාන ක්‍රීඩකයන්ට විවේක ලබා දීම පිලිබනදව තේරීම් කමිටු නිලධාරියෙකු වන MSK ප්‍රසාත් පවසන්නේ,තරඟාවලිය වැදගත් වුවද දීර්ග කාලයක් එකදිගට ක්‍රීඩා කල නිසා ප්‍රධාන ක්‍රීඩකයන් රැසකට විවේක ලබා දීමට තමන්ට සිදුවුණ බවය.කෙසේ නමුත් මෙම කණ්ඩායමද ප්‍රභල කණ්ඩායමක් ලෙස පෙනෙන අතර අද නම් කල කණ්ඩායම මෙසේය.

ඉන්දීය සංචිතය.

රෝහිත් ශර්මා, ෂිකර් ධවාන්, KL රාහුල්, සුරේෂ් රයිනා, මනීෂ් පාන්ඩේ, දිනේෂ් කාර්තික්, දීපක් හුඩා, වොෂිංටන් සුන්දර්, යුශ්න්ද්රා චහාල්, අක්ෂාර් පටෙල්, විජේ ෂන්කර්, ෂාර්ල් තකුරු, ජයදේව් උද්කාඩ්, මොහමඩ් සිරාජ්, රිෂාබ් පාන්ට්

තරඟ කාල සටහන

මාර්තු 6: ශ්‍රී ලංකා vs ඉන්දියා

මාර්තු 8: බංගලාදේශය VS ඉන්දියා

මාර්තු 10: ශ්‍රී ලංකා VS බංගලාදේශය

මාර්තු 12: ඉන්දියා VS ශ්‍රී ලංකා

මාර්තු 14: ඉන්දියා VS බංගලාදේශය

මාර්තු 16: බංගලාදේශයVS ශ්‍රී ලංකා

මාර්තු 18: අවසන් තරඟය.

About article14

Check Also

රෝ සංවිධානයේ ජනාධිපති සිරිසේන ඝාතනය කතාවේ පුවත්පත් වාර්තා හා දෙරටේ ඇයි හොදයිය රැකගන්න රනිල් ඉන්දීය ආරක්ෂක ප්‍රධානින් හමුවෙන්න ඉන්දියා යයි

ඉන්දිය රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානය තමන් ඝාතනය කරන්නට කුමන්ත්‍රණය කරන බවට ජනාධිපති මෛත්‍රිපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!