Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් / සුපිරි නිළි ශ්‍රී දේවිගේ මරණය සැක සහිත වීමට තවත් හේතු මතුවෙයි. ඇගේ හිසේ ගැඹුරු තුවාලයක්. නැවත පරික්ශනයක්

සුපිරි නිළි ශ්‍රී දේවිගේ මරණය සැක සහිත වීමට තවත් හේතු මතුවෙයි. ඇගේ හිසේ ගැඹුරු තුවාලයක්. නැවත පරික්ශනයක්

ඩුබායි ආරක්ෂක අංශ තවදුරටත් විමර්ශණ කරනවා..
අභාවප්‍රාප්ත සුපිරි බොලිවුඩ් නිලි ශ්‍රී දේවී ඇයගේ මරණය පිළිබඳ අභිරහසක් ඉතිරි කර ඊයේ අවසන් ගමන් ගියා.

ඩුබායි රාජ්‍යයේදී ජීවිතක්ෂයට පත්වු ශ්‍රී දේවීගේ මරණය සම්බන්ධයෙන් එරටදී සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ අඩංගු වූ කරුණක් පිළිබඳ මේ වන විට මතබේධාත්මක කරුණක් මතුවී තිබෙනවා.

ඒ සුපිරි නිලියගේ හිසේ පැවති තුවාලයක් පිළිබඳවයි.

එම තුවාලය ඉතා ගැඹුරු එකක් වන අතර ඊට හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

එම තුවාලය ඇය නාන කාමරයේ ඇද වැටීමෙන් සිදුවූ එකක් බවට නිරීක්ෂණය වී ඇතැයි සඳහන්.

කෙසේවෙතත් ඒ පිළිබඳ යළිත් මරණ පරීක්ෂණයක් පැවැත්වෙනු ඇති බව විශ්වාස කෙරෙනවා.

ඩුබායි රාජ්‍යයේ හෝටලයක පැවති මංගල උත්සවයකට සහභාගී වීමට ගොස් සිටියදී නාන කාමරයේ සිදුවූ අනතුරකින් බොලිවුඩ් සුපිරි නිලි ශ්‍රී දේවී මරණයට පත්වුනා.

මෙම සිද්ධිය පිළිබඳ ඩුබායි ආරක්ෂක අංශ තවදුරටත් විමර්ශණ සිදු කරමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

මේ අතර භාරතීය ජනතා පක්ෂයේ නායක සුබ්‍රමනියම් ස්වාමි ද මෙම මරණය පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබුනා.

ඔහු සඳහන් කර ඇත්තේ ශ්‍රී දේවීගේ මරණය ඝාතනයක් බවයි.

ඇය තදින් මත්පැන් පානයට ඇබ්බැහි වු අයෙක් නොවන බවයි සුබ්‍රමනියම් ස්වාමි අවධාරණය කර තිබුනේ.

හෝටලයේ කැමරා උපයෝගී කර ගනිමින් මේ පිළිබඳ විමර්ශණ පැවැත්විය හැකි වුව ද ඒ පිළිබඳ මෙතෙක් කතා බහක් හෝ මතු නොවීම හමුවේ මෙම මරණය ගැන සැක මතුවන බව භාරතීය ජනතා පක්ෂයේ නායකයා පෙන්වාදී තිබෙනවා.

About article14_2

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!