Breaking News
Home / ක්‍රිඩා / සුපිරි අන්තර් පළාත් දේශීය තරගාවලියේ පළමු දිනය අවසානයේ ඉන්දියාවේදී පෙළහර පාපු රොෂේන් සිල්වාගෙන් දැවැන්ත ශතකයක්

සුපිරි අන්තර් පළාත් දේශීය තරගාවලියේ පළමු දිනය අවසානයේ ඉන්දියාවේදී පෙළහර පාපු රොෂේන් සිල්වාගෙන් දැවැන්ත ශතකයක්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පළාත් සිව්දින තරගාවලියේ ගාල්ල කණ්ඩායම හා කොළම කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක‍්‍රිඩාංගණයේදී පැවැති තරගයේ පළමු දිනය නිමාවන විට කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුනු 321ක් ලබා ගැනීමට සමත්විය.

තමන්ට ආවේනික වූ පිතිහරඹ රටාව නැවත වරක් ප‍්‍රදර්ශනය කරමින් දැවැන්ත ඉනිමක් ගොඩ නැගූ රොශේන් සිල්වා දිනය නිමාවන විට ලකුනු 146ක් හා නිසර තාරක එක් ලකුණක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියි

Image may contain: 1 person, smiling, playing a sport, baseball and outdoor

දිවා ආහාරයෙන් පසු යැවූ දෙවැනි පන්දුවාරයේදී පළමු ස්ලිප් ක‍්‍රිඩකයා ලෙස සිටි තිරිමාන්න අතින් පහසු උඩපන්දුවක් ගිලිහී යාම හේතුවෙන් පිටියේ තවදුරටත් රැදී සිටීමට අවස්ථාව හිමිවු රෝශේන් එම වරම ශතකයක් කරා රැගෙන ගියේය.

ලකුනු 22කට කඩුලු 04ක් බිද වැටී අන්ත අසරණව සිටි ගාල්ල ඉනිමට ජීවය දුන් රොශේන් නායක දසුන් සමග එක්වෙමින් පස්වැනි කඩුල්ලට විශිෂ්ට ලකුනු 202ක් එක්කිරී සමත්වූ අතර දසුන් සිය ශතකයට ලකුනු 05ක් මෑතින් සිටියදී දිල්රුවන් එවු පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය.

Image may contain: 3 people, people smiling, people playing sports, baseball and outdoor

අනතුරුව පිටියට පැමිණ චතුරංගද සිල්වා සමග එක්වූ රොශෙන් හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුනු 97ක සම්බන්ධතාවක් පැවත්වූ අතර චතුරංගද සිල්වා ලකුණු 47ක් රැස් කළේය.පන්දු 249ක් තුළ ගොඩනැගුණු රොශේන්ගේ ඉනිම හතරේ පහර 10කින් අලංකාර විය

පන්දු යැවිමේදී කවීෂ අංජුල හා දිල්රුවන් පෙරේරා කඩුලු 02 බැගින් දවා ගැනිමට සමත්විය.

ගාල්ල කණ්ඩායම
මාධව වර්ණපුර,ළහිරු මිලන්ත,ඔ්ෂද ප‍්‍රනාන්දු ,සදීර සමරවික‍්‍රම, රෝශෙන් සිල්වා, දසුන් ශානක, චතුරංගද සිල්වා, නිසල තාරක, අකිල ධනංජය,මාලින්ද පුෂ්පකුමාර, මොහෙමඩ් ඩිල්ෂාඩ්

කොළඹ කණ්ඩායම

කෞෂාල් සිල්වා, ශෙහාන් ජයසූරිය,ධනංජයද සිල්වා, දිනේෂ චන්දිමාල්, ළහිරු තිරිමාන්න, චාමර සිල්වා,දිල්රුවන් පෙරේරා, කවිශ්ක අංජුල,දුෂ්මන්ත චමිර,විශ්ව ප‍්‍රනාන්දු , ලසිත් ඇඹුල්දෙනිය

About article14

Check Also

ඇමතිවරු පත් කිරීමට සිරිසේනගෙන් නැවත ප්‍රශ්න ගොඩක්. පොලිසිය හා මාධ්‍ය තබා ගන්න වලිකයි. කැබිනට් එක සති අන්තයට යයි. මඩ කැබිනට එකක් සිරිසේනගෙන්

කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ අවසානය දක්වා යා හැකි බව තොරතුරු වාර්තා වෙනවා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!