Breaking News
Home / Video / සුන්දර ධර්මශාලාවේ ඉන්දු ලංකා පලමු එක්දින තරගයෙන් ප්‍රභලයෙක් ඉවතට. අවට දැඩි ශීත කාලගුණයක්!

සුන්දර ධර්මශාලාවේ ඉන්දු ලංකා පලමු එක්දින තරගයෙන් ප්‍රභලයෙක් ඉවතට. අවට දැඩි ශීත කාලගුණයක්!

හෙට (10) පැවැත්වෙන තරග තුනකින් යුත් ඉන්දු ලංකා එක්දින තරගාවලියේ ප්‍රථම තරගයට අවසන් ටෙස්ට් තරගයේ කා අතරත් කථාබහට ලක්වූ යොවුන් ක්‍රීඩක ධනංජය සිල්වා ක්‍රීඩා කිරීම අවිනිශ්චිත බව කලමාකාරිත්වය පවසනවා.

ඒ ධනංජය සිල්වාගේ ශාරීරික යෝග්‍යතාව පිලිබද ගැටලුවක් නිසයි. පන්දු 219 කින් ලකුණු 119 ලබා හතරවන ඉනිම අංක එකේ ටෙස්ට් කණ්ඩායම ඉදිරියේ රැක දී වාර්ථා තැබූ ධනංජය පාදයේ යම් ආබාදයක් නිසා තරගය අතරමග ක්‍රිඩා පිටියෙන් ඉවත්වූවා.

එහෙත් ටෙස්ට් කණ්ඩායමේ නොසිටි හිටපු නායක ජේශ්ඨ ක්‍රීඩක උපුල් තරංග, ආරම්භක පිතිකරුවන් වන ධනුශ්ක ගුණතිලක, ශූරයන්ගේ කුසලානයේ ඉන්දිය තරගයේදී ආබාදයට ලක්වී ක්‍රීඩා පිටියෙන් ඉවත්වූ කුසල් ජනිත් යන ක්‍රීඩකයින් ක්‍රීඩා කරනු ඇති.

එහිදී කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් 4 ක් ක්‍රීඩා කරන අතර බොහෝ විට හිටපු නායක උපුල් හා දික්වැල්ල ආරම්භක පිතිකරු ස්ථානයේ ක්‍රීඩා කරනු ඇති. ධනුෂ්ක තෙවන පිතිකරු ලෙසත් කුසල් ජනිත් අවසන් තරගවලදී මෙන් අංක 6 ක්‍රීඩා කරනු ඇති. තවද මාස 3 ක් කණ්ඩායමෙන් ඉවත්ව සිටි ප්‍රබල පිතිකරු අසේල ගුණරත්න අංක 7 ක්‍රීඩා කරනු ඇති.

තවද තරගය පැවැත්වෙන ලෝකයේ සුන්දර ක්‍රීඩාංගනයක් වන ධර්මශාලාව අවට දැඩි ශීත කාලගුණයක් වාරතා වන බව සදහන්. තවද යම් වර්ෂාපතනයක්ද ඇතිවිය හැකි නිසා තරගයට බාධා ඇතිවිය හැකි බවයි ඉන්දියාවෙන් වාර්ථා වන්නේ. කෙසේ වෙතත් ක්‍රීඩාංගනයේ අවසන් පුහුණු සැසිවලට අද ක්‍රීඩකයන් සහභාගි වී තිබෙනවා. උපුල් තරංගගේ නායකත්වය සමයේ මෙන් නොව ඉතා ප්‍රභල කණ්ඩායමක් මෙවර තිසර පෙරේරාට සිටීම විශේෂයෙන් සදහන් කල යුතුයි.

පලමු තරගයට සහභාගි විය හැකි කණ්ඩායම..
උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, ලහිරු තිරිමාන්න, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත්, අසේල ගුණරත්න, තිසර පෙරේරා, අකිල ධනංජය, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්

Cricklanka.com

About article14

Check Also

ඒබීඩී විලියර්ස්ගේ ෆේස්බුක් ෆෑන් පේජ් එක ලංකාවෙ ප්‍රේක්ෂකයන් වනසයි ඔෆ් සීසන් කතාවට පරාජයත් එක්ක සිංහලෙන් ඉංග්‍රීසියෙන් රිදෙන්න කියපු හැටි

කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ ආදරය දිනා ගත්ත ක්‍රීඩකයෙක් තමයි දකුණු අප්‍රිකාවේ AB de Villiers. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!