Breaking News
Home / දේශීය පුවත් / සිල්රෙදි වලට සල්ලි TRC එකෙන් ඇද්දා වගේ චිචිගේ රොකට් එකට රුපියල් මිලියන 460 ලංවිමෙන් ඇදලා

සිල්රෙදි වලට සල්ලි TRC එකෙන් ඇද්දා වගේ චිචිගේ රොකට් එකට රුපියල් මිලියන 460 ලංවිමෙන් ඇදලා

මහින්ද රාජපක්ෂ රජය සමයේදී ඔහුගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ අභ්‍යාවකාශ ගතකළ සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සඳහා වැය වූ රුපියල් මිලියන 460ක් මුදල් ලබාගත්තේ ලංකා විදුලි බල මණ්ඩලයෙන් බව බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

ඒ සඳහා තමන් පැමිණිල් කළ බවත් එය විභාග වෙමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කරයි. ලංකා විදුලි බල මණ්ඩලයීය විශ්‍රාම වැටුප් ලාභීන්ගේ යහසාධක සංගමයේ 21 වන සංවත්සරයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

“දැන් මේ මෑතදී මුළු රටම හොල්ලපු බැඳුම්කර නඩුව, ප්‍රධාන අපරාධකාරයා, ගෝලෆේස් පිට්ටනියට ගෙනල්ල නඩු අහන්න ඕන.අද සාක්ෂි දීම පවා අවශ්‍ය නැහැ කියලා තීරණය කළා. මේ ගැන අපි කතා කරන්න යන්නේ නැහැ. නමුත් 9% තිබූ පොලී අනුපාතය අද 14% උනේ බැඳුම්කර වංචාව නිසයි.

ඒ වගකිව යුත්තෝ, ඒ ගොල්ලෝ හොරකං කළ ධනයට අමතරව රජයට කළ පාඩුව වර්ෂයකට බිලියන 95 ක්. රටේ ආර්ථිකයට කළ බලපෑම කාටවත් හිතාගන්න බැරි තරම් ට්‍රිලියන ගානක අපරාධයක්. හැබැයි ඒ අයට එහෙන් මෙහෙන් නීති තර්ක මතුකර ප්‍රකෝටි ගණන් ධනය අරගෙන නීතීඥයින්ගේ පොඩි නීති තර්කවලින් අපරාධකාරයෝ නිදහස් වෙලා එළියට යනවා” යයි පැවසීය.

Infosrilanka

About article14

Check Also

නවසිලන්ත සංචාරයට නවසීලන්තයට ගිය පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් 6 දෙනෙක්ට කොරෝනා පොසිටිව් වෙයි

නවසිලන්ත සංචාරයට සහභාගිවන පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් 6 කට කොරෝනා වලදී ඇති බව දැන් ජාත්‍යන්තර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!