Breaking News
Home / දේශීය පුවත් / සිරිසේන 19 සංශෝදනයේ 46 වගන්තියට හිරවෙයි. අගැමති ඉල්ලා අස්වුවොත් හැර ඉවත් කල නොහැකි. එජාපය කුමන්ත්‍රණයට එරෙහි ඒකමතික තිරණයක

සිරිසේන 19 සංශෝදනයේ 46 වගන්තියට හිරවෙයි. අගැමති ඉල්ලා අස්වුවොත් හැර ඉවත් කල නොහැකි. එජාපය කුමන්ත්‍රණයට එරෙහි ඒකමතික තිරණයක

යහපාලන ජාතික රජය බලයට පත්විමෙන් පසුව සම්මත කරනු ලැබු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයේ විධිවිධාන අනුව කුමන හේතුවක් නිසාවත් අග්‍රාමාත්‍යවරයා තනතුරෙන් ඉවත් නොවිය යුතු බවට එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම දැන් ඒකමතිකව තීරණය කරනු ලැබූහ.

ඉහත තිරණය ගනු ලැබු රැස්විමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ජාතික රජය නියෝජනය කරන එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂ නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු හා නියෝජ්‍ය අමාත්‍යවරු ප්‍රමුඛ සියළුම මන්ත්‍රීවරු සහභාගීවිම විශේෂයෙන් කැපී පෙණුනි. කොළඹඅරලියගහ මන්දිරයේ මෙම රැස්විම පැවැත්වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනි.

රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට වත්මන් පාර්ලිමේන්තුවේ බහුතරය හිමි බව වර්ෂ 2015 මහ මැතිවරණයෙන් පසුව පැහැදිලිවම පෙන්වා ඇති හෙයින් නැවත වතාවක් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්විමේ අවශ්‍යතාවයක් නැති බවටද එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායමේදි වැඩිදුරටත් කරුණු අනාවරණය කෙරුනි.

ඊට අමතරව ජාතික රජය විසින්ම සම්මත කරනු ලැබු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 46 වන පරිච්ඡ්දය අනුව අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරිමට ජනාධිපතිවරයාටවත් බලයක් නැති බවට ද ඉහත කණ්ඩායම් රැස්විමේදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති ඇමතිවරු කරුණු පෙන්වා දෙනු ලැබුහ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයේ 46 වන පරිච්ඡ්දයේ අග්‍රාමාත්‍යවරයාට අදාළ ප්‍රතිපාදනය දැක්වෙන්නේ පහත ආකාරයටය. “ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ස්වකීයධූරයෙන් ඉල්ලා අස්වුවහොත් හෝ, තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවුනහොත් හෝ, මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක්කල් අමාත්‍ය මණ්ඩලය පත්වන්නේද ඒ තාක්කල් ස්වකීයධූරය දරන්නේය.” ස්වකැමැත්තෙන් ඉල්ලා අස්වුවහොත් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහිමිවිමක් නොවුනහොත් හෝ වත්මන් ආණ්ඩුවේ ධූර කාලය පවතින 2020 තෙක්ම රනිල් වික්‍රමසිංහට අගමැති ලෙස කටයුතු කළ හැකි බවට ද එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද කරුණු විස්තර කර දෙනු ලැබීන.

වර්ෂ 2015 ජනාධිපතිවරණයෙන් පසුව සුළුතර බලය සහිත අග්‍රාමාත්‍යවරයෙක් පත් කළද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනිමෙන් පසුව එවැනි පියවරකට යාමේ කිසිදු ඉඩක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නිතිඥ තිලක් මාරපන එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට කරුණු විස්තර කර දෙනු ලැබිය.

About article14

Check Also

පුහුල් හොරා කෙහෙල් කැනක් එක්කම වැට පනියි. ක්‍රිකට් හිටපු සභාපති ඇෆ්ගනියන් ගැන සතුටින්. සුමතිපාල ලංකාවේ ප්‍රේක්ෂකයන්ට දෝස් මුරයක්

ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්වය පිළීබඳව ඊයේ (21) පාර්ලිමේන්තුවේදීද විවාදයට බඳුන්විය. එහිදී තිලංග සුමතිපාල දයාසිරි ජයසේකර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!