Breaking News
Home / දේශීය පුවත් / සිරිසේන සුදුව නැවත වටයකින් ගසයි. මාධ්‍ය සහ පොලිසිය සිරිසේනට අවශ්‍ය බව කියයි. එජාපය බැ කියයි. ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්නයි සිරිසේනගෙන් ඉල්ලයි

සිරිසේන සුදුව නැවත වටයකින් ගසයි. මාධ්‍ය සහ පොලිසිය සිරිසේනට අවශ්‍ය බව කියයි. එජාපය බැ කියයි. ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්නයි සිරිසේනගෙන් ඉල්ලයි

ව්‍යවස්ථාව කැඩුුුුවා පමණක් ‌නොව රනිල් අගමැති වුවහොත් පැයක් ජනාධිපති ධූරයේ ඉන්නේ නැතැයි කියා තව දුරටත් විළි ලැජ්ජාවක් නැතිව ඉල්ලා අස්නොවී සිටින සිරිසේනගේ සුදුව අවසන් වන සුදුවක් නොවන අතර මොහු සුදු කෙලින්නේ ජනතාවගේ අනාගතය සමගයි.

නව ආණ්ඩුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයත්, නීතිය හා සාමය අමාත්‍යාංශයත් ඔහු යටතේ තබා ගැනීමට අවශ්‍ය යයි එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගෙන් ඉල්ලා තිබේ.

නමුත් එජාපෙ නායකයන් ඔහුට පෙන්වා දී ඇත්තේ එසේ කළ නොහැකි බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධන‌යේ 51 වගන්තිය අනුව ජනාධිපතිවරයාට තබා ගත හැක්කේ රාජ්‍ය ආරක්ෂාව, මහවැලි සංවර්ධන සහ පරිසරයට අදාල අමාත්‍යාංශ පමණක් බවද එජාපෙ නායකයන් සිරිසේනට පෙන්වා දී ඇති අතර දැන්වත් ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්නැයිද දන්වා තිබේ.

කෙසේවෙතත් මේ වන විට දින 50 සිරිසේනට යටතේ පොලිසිය තිබුනත් ඔහු පවසන ආකාරයට 2015 පොරොන්දු අනුව කිසි වෙනසක් සිදු වුයේ නැ. ඔහු පවසන්නේ පොලිසිය වෙනත් පාර්ශවයක තිබු නිසා කටයුතු වුයේ නැති බවයි.

එහෙත් එම දින 50 දී ඔහු හොරු වංචා කාරයන් වෙනුවෙන් කටයුතු නොකල අතර සීඅයිඩි යේ නිශාන්තද සිල්වා මාරු කර හැර පොලිස් කොමිසමින් එය වැළකු බවද ඔහුට වගේම බොහෝ අයට අමතක වීම කනගාටුවකි.

එසේම මාධ්‍ය ඔහු තබා ගැනීමෙන් ඔක්තෝබර් 26 රාජ්‍ය මාධ්‍යට මැරයන් පහර දුන් අතර පුද්ගලික මාධ්‍ය ඒකපාර්ශ්වයිව කටයුතු කල ආකාරය රටේ බහුතරය පැහැදිලිව දුටුවේය.

රනිල් අගමැති වූ පසු මේ අර්බුධය අවසන් බවට බොහෝ දෙනා අර්ථ දැක්වුවත් මෙය කිසි සේත්ම සිරිසේන දුරයේ රැදී සිටින තුරු විසදෙන කාරණයක් නොවන බව අද දිනයේ පැය කිහිපයක් යන්නට පෙරම තහවුරු වී අවසන්.

මේ ආණ්ඩුව නැවත වට්ටා බිම දමා තමන්ට අවශ්‍ය හාදයකු පත් කිරීමට නැවත වටයකින් මොහු උත්සහා දරන අතර මේ වන විට හොදම විකල්පය වන්නේ ජනාධිපතිවරණයකට ගොස් ජනමතය විමසීමයි.

නැතිනම් පාර්ලිමේන්තුවක් විසුරුවා හැරියද නැවත මහින්ද හැර වෙන පුද්ගලයකුට බහුතරයක් ලැබුනහොත් නැවත මේ පුද්ගලයා සමග ආණ්ඩු කිරීමට නොහැකි වන අතර මේ ප්‍රශ්නයේ මුලිකම කරුමය වී ඇත්තේ මහින්දවත් රනිල්වත් කරුවත් සජිත්වත් අනුරවත් සම්බන්ධන්වත් නොව සිරිසෙනයි. සිරිසේනගේ ප්‍රශ්නය විසදිමෙන් රටේ දේශපාලනය විසදීමට හැක.

About article14

Check Also

කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර මුදල් නැවත ඉල්ලා වර්ජකයන්ට ගුටි පුජාවකට ජනතාව සැරසෙයි

කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් තත්වයක් මතුවී තිබෙනවා. දුම්රිය මගීන් විසින් ප්‍රවේශ පත්‍ර හා වාර ප්‍රවේශ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!