Breaking News
Home / දේශීය පුවත් / සිරිසේන විශ්වාසයි කියා පොදු අපේක්ෂකයා කල චන්ද්‍රිකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීන් රනිල්ගේ සහයට ගන්න මෙහෙයුමක්. එජාප ඇමතිකම් ඔවුන්ට

සිරිසේන විශ්වාසයි කියා පොදු අපේක්ෂකයා කල චන්ද්‍රිකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීන් රනිල්ගේ සහයට ගන්න මෙහෙයුමක්. එජාප ඇමතිකම් ඔවුන්ට

රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්විම සඳහා ඉදිරිපත් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් තමන්ගේ අමාත්‍යධූර කැප කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් එකඟත්වය පළ කළ බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කර ඇත.

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්විමෙන් පසුව යහපාලනය සදහා වන එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව පිහිටුවිමට කටයුතු කරන බව කී ලක්ෂ්මන් කිරිඇල්ල එහි පක්ෂ නායකයින්ට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පැමිණෙන මන්ත්‍රීවරුන්ට කැබිනට් අමාත්‍යධූර දීමට එක්සත් ජාතික පක්ෂ ඇමතිවරු එකඟතාවය පළ කළ බවද කියයි.

හිටපු ජනාධිපති චන්ඬිකා කුමාරතුංග මහත්මිය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ගැනිමේ වගකීම දැනටමත් බාරගෙන ඇතැයිද සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

About article14

Check Also

මිහින්තලා පුජා භුමිය ලෝක උරුමයක් කර පොසොන් රාජ්‍ය උත්සවයක් කිරීමට සුදානමක්

පොසොන් උත්සවය වාර්ෂික ජාතික උත්සවයක් සේ සැලකීම සහ මිහින්තලාවේ වාර්ෂික පොසොන් පෙරහැර සඳහා රාජ්‍ය අනුග්‍රහය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!