Breaking News
Home / දේශීය පුවත් / සිරිසේන බේබදු සැමියා ගෙදර වලන් පොලේ ගසා බිරිදට පයින් ගහන තීරණයක් ගනී වසර 4 කට පසු ජනතා මුදල් මතක්වී වැටි ඇති සංචාරක හෝටල් වලට රජයේ උත්සව තහනම්

සිරිසේන බේබදු සැමියා ගෙදර වලන් පොලේ ගසා බිරිදට පයින් ගහන තීරණයක් ගනී වසර 4 කට පසු ජනතා මුදල් මතක්වී වැටි ඇති සංචාරක හෝටල් වලට රජයේ උත්සව තහනම්

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රමුඛ සියළුම රජයේ ආයතන උත්සව, රැස්වීම් මෙන්ම විවිධ වැඩසටහන් පැවැත්වීමේදී පෞද්ගලික හෝටල් භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් මතයි අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ. එමඟින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එම උත්සව සහ වැඩසටහන් පැවැත්වීමේදී සුඛෝපභෝගී හෝටල් භාවිත කිරීමද සම්පූර්ණයෙන් තහනම් බවයි.

එම වැඩසටහන් පැවැත්වීම සඳහා රජයට සම්බන්ධ ශ්‍රවණාගාර සහ ආයතන භාවිත කරන ලෙසටද උපදෙස් ලබාදී තිබෙනවා.

සුඛෝපභෝගී හෝටල්වල රජයේ උත්සව සහ වැඩසටහන් පැවැත්වීම මඟින් සිදුවන අධික මුදල් නාස්තිය වැළැක්වීම හා රජයේ වියදම් පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ජනාධිපතිවරයා විසින් ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරන්නේ.

එහෙත් මෑත කාලයේ නුවරඑළියේ ආරම්භ කල අරලිය හෝටල් සංකීර්ණයේ රජයේ උත්සව සියල්ලම පැවැත්වූ අතර එහි හිමිකරු වන්නේ සිරිසේනගේ සහෝදර අරලිය සහල් හිමිකරු ඩඩ්ලි සිරිසේනටයි. ජනාධිපතිවි වසර 4 ක් යන තුරු රටේ මුදල් ඉතිරි කල යුතුයි කියා නොසිති ඊයේ එක වරම හීනෙන් බිය වුවා සේ මෙසේ කලේ ඇයි දැයි ඔබ සිතනවා ඇති.

ඒ ඊයේ(6) දිනයේ පැවතී සංචාරක හෝටල් හිමියන්ගේ සමුළුවකට සිරිසේන ජනපතිට ආරාධනා ලැබී තිබු අතර ඉන් දින දෙක තුනකට පෙර නිල නොවන කතාවක් ලෙස කතාවක් පැතිර ගියා. මේ සංචාරක සමයේ ඒ සංචාරක කර්මාන්තය බින්දුවට වැටීමට හේතුව වුයේ දේශපාලන අර්බුධය නිසාත් එයට හේතුව සිරිසේනගේ තීරණ නිසාත් එම සමුළුව හිමිකරුවන් වර්ජනය කරන්න යනවා යයි කට කතාවයි.

එහෙත් එම සංචාරක හෝටල් හිමියන්ගේ සමුළුවට සියලු දෙනා සහභාගිවී ඇති අතර සිරිසේන සහබාගි වී නැත්තේ කලින් කතාවේ වෛරයෙනි. ඒ සමුළුව ආරම්භ වනවාත් සමගම ඔවුන්ගෙන් පලි ගැනීමට කිසිදු රාජ්‍ය උත්සවයක් පුද්ගලික හෝටල් වලට නොදීමට චක්‍ර ලේකයක් නිකුත් කර ඇත්තේ වසර 4 කට පසු මහා දේශප්‍රේමියෙක් ලෙසිනි.

මෙයට හේතුව වෛරය පමණයි. සංචාරකයන් නොමැතිව වැටි ඇති කර්මාන්තයට ලැබෙන්න තිබෙන සියලු උත්සවත් අත්හිටවිමෙන් ඔවුන් කබලෙන් ලිපට වැටි ඇති අතර ඔවුන් රජයෙන් යැපෙන ව්‍යාපාර නොවන අතර ඔවුන් රටට ඩොලර් ගෙනෙන වටිනා කර්මාන්තයකි.

ගෙදර ගැනී මිනිහා තරහා වී ගෙදර බඩු පොලේ ගසනා බේබදු ස්වාමි පුරුෂයා මෙන් මේ ග්‍රාමීය හැගීමෙන් රටක් පාලනය කරන්නට යන පුද්ගලයා හැසිරෙමින් තිබීම රටේ ජනතාවගේ කරුමයක් බවනම් අනිවරෙන් සිහිකළ යුතුයි. පුද්ගලික කෝන්තර සදහා රටේ පුද්ගලයන් ක්ෂේත්‍ර සමග ගෙදර වලන් පොලේ ගසන බේබද්දකු මෙන් පාලකයා හැසිරීම කණගාටු වන අතර ඔහුට උපදෙසක් දීමට මොලේ කළදක් ඇති ඔහුගේ පවුලේ එකෙක්හෝ නැතිදැයි සිතන විටත් ඇත්තේ විමතියක්.

මොහු තවත් මාස 12 ක් වැනි කාලයක් තුල මේ සෙල්ලම නතර කර ගෙදර යායුතු අතර බලය නොමැතිව ගෙදර සිටිනා විට රටේ මිනිසුන් මොහුට සහ මොහුගේ පවුලට මුනට කෙල ගසා යන විට ඇතිවන හිතේ වේදනාව කම්පාව හම්බකරගත් මුදල් වලින් කිසිදිනක වසාගැනීමට නොහැකි වන අතර මේ ධර්මද්වීපයේ මොහු අසාධාරණයක් කර ඇතිනම් පවුල් පිටින් විනාශ වන හැටි අපගේ ඇස් වලට දැකගන්නට එතරම් කාලයක් ගත නොවනු ඇති.

About article14

Check Also

ඇමතිවරු පත් කිරීමට සිරිසේනගෙන් නැවත ප්‍රශ්න ගොඩක්. පොලිසිය හා මාධ්‍ය තබා ගන්න වලිකයි. කැබිනට් එක සති අන්තයට යයි. මඩ කැබිනට එකක් සිරිසේනගෙන්

කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ අවසානය දක්වා යා හැකි බව තොරතුරු වාර්තා වෙනවා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!