Breaking News
Home / දේශීය පුවත් / සිරිසේන පුතාගේ කියූ දියවන්නාවට පෙරලුන BMW රථයේ නඩුවේ දඩය 4500 යි අයිතිකරු රාජපක්ෂ පිලේ ඉන්න එජාප සභාපතිගේ මස්සිනා. කොහොමද සම්බන්ධකම්

සිරිසේන පුතාගේ කියූ දියවන්නාවට පෙරලුන BMW රථයේ නඩුවේ දඩය 4500 යි අයිතිකරු රාජපක්ෂ පිලේ ඉන්න එජාප සභාපතිගේ මස්සිනා. කොහොමද සම්බන්ධකම්

බී.එම්. ඩබිලිව් වර්ගයට අයත් සුකෝපභෝගී මෝටර් රථයක් තවත් මෝටර් රථ දෙකකද ගැටී දියවන්නා ඔයට පෙරලීමෙන් අනතුරුව එහි රියදුරු මෝටර් රථය අතහැර පලායාමේ සිද්ධියට අදාල නඩුව අද(15) කැඳවනු ලැබූ අවස්ථාවේ සැකකරුට රුපියල් හාරදහස් පන්සීයක (4500) දඩ මුදලක් ගෙවීමෙන් අනතුරුව නඩුව අවසන් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කර ඇත.

මෙසේ නඩු තීන්දුව ලබා දුන්නේ කැබිනට් අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ඥාතියෙකුවන ෆාහිම් මොහොමඩ් හුසේන් නමැත්තෙකුටය.ඔහු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ව්‍යාපාරවලටද සම්බන්ධ වූවෙකි.

පසුගිය මාර්තු මස 17 වැනිදා ඔහු විසින් පදවාගෙන පැමිනි බී.එම්. ඩබිලිව් වර්ගයට අයත් සුපිරි මෝටර් රථය තවත් මෝටර් රථ දෙකක ගැටීමෙන් අනතුරුව තලවතුගොඩ ප්‍රදේශයේදී දියවන්නා ඔයට පෙරලී තිබේ.අනතුරුව මෝටර් රථය අතහැර පලා ගොස් තිබුණි.

ඉකුත් මාර්තු මස 20 වැනි දින සැකකරු කඩුවෙල අධිකරණයට භාරවීමෙන් අනතුරුව මාර්තු 27 දක්වා රක්ෂිත බණ්ධනාගාර ගත කෙරුණි.එදින පැවැත්වූ නඩු විභාගයේදී රුපියල් ලක්ෂ දෙක බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝගකර තිබිණි.

අද දින කැඳවූ නඩු විභාගයෙන් ලබාදුන් තීන්දුවත් සමඟ මෙම නඩුවිභාගය අවසන් විය.

About lanka

Check Also

මහින්ද හා චම්පික රණවක දෙදෙනා පාර්ලිමේන්තු කලබලය මැද කතා කර කර සිටින විට ලොහාන් රත්වත්තේ චම්පිකට පහර දෙයි

වෙල්ගම මන්ත්‍රීවරයා මෑතකදී කියූ ‘ඔබේ අත් දෙකේම ලේ’ යයි චෝදනා කල ලොහාන් චම්පිකට පහරදුන් විදිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!