Breaking News
Home / දේශීය පුවත් / සිරිසේන ධුර කාලය වැඩි කරගැනීමට පොහොට්ටුව සමග මීලග අගවිනිසුරු ආ විගස ගේමක්

සිරිසේන ධුර කාලය වැඩි කරගැනීමට පොහොට්ටුව සමග මීලග අගවිනිසුරු ආ විගස ගේමක්

වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රථමධූර කාලය ලබන වසරේ ජනවාරි 08 වන දිනයෙන් පසුව කිසිලෙසකින්වත් දීර්ඝ නොවන බව රජයේ නීති උපදේශකයෝ දැනුම් දී ඇති බව වාර්තා වනවා. ශ්‍රී ලංකාවේ ජනාධිපතිධූරයට පත්වීම වාරයක් සඳහා බලපැවැත්වෙන බව පෙන්වා දෙන රජයේ ජ්‍යෙෂ්ඨ නීති උපදේශකයෝ ශ්‍රී ලංකා ජනරජයේ 3 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එය පැහැදිලිව දන්වා ඇතැයි ද කියා සිටියි.

තුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 30 (ඈ) වගන්තිය මගින් ව්‍යවස්ථාව යටතේ පවත්වන ලද ඡන්ද විමසීමකදී ජනාධිපති ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබූ තැනැත්තාට අදාළ වගන්තිය මෙසේ සඳහන් වේ. එවකට ධූරය දරන ජනාධිපතිවරයා නම් එවකට ඡන්ද විමසීම පවත්වන්නේ යම් වර්ෂයක යම් දිනයකදී ඔහුගේ ධූර කාලය ආරම්භ වූ දිනට අනුරූප වන ඒ වර්ෂයේ (ඒ ඡන්ද විමසීමෙන් දිනයෙන් පසු එළැඹෙන දිනයකදී වන) දිනය හෝ ඊළගට එළැඹෙන වර්ෂයේ ඊට අනුරූප වන දිනය යන මෙයින් කලින් එළැඹෙන දිනයෙන් ආරම්භ වන අවුරුදු 6 ක කාලයක් ධූරය දැරිය යුත්තේය.

එහි දෙවෙනි වගන්තියේ මෙසේ සඳහන්වේ. එවකට ධූරය දරන ජනාධිපතිවරයා නොවේ නම් ඒ ඡන්ද විමසිමේ ප්‍රතිඵල නිකුත් කරන දිනයෙන් ආරම්භ වන අවුරුදු 6 ක කාලයක් ධූරය දැරිය යුත්තේය”. දිවංගත ජනාධිපති ජේ.ආර් ජයවර්ධන විසින් කරනු ලැබු 3 වන සංශෝධනයේ එසේ පැවැතියද 19 වන සංශෝධනයට අදාළව වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය ධූර කාලය සම්බන්ධයෙන් කළ විමසීමට අනුව එය 5 කට අඩු වනු ඇතැයි ප්‍රකාශ කර තිබේ.

මේ අනුව ධූර කාලය ආරම්භ වන දිනය හා අවසන් වන දිනය වෙනස් නොවන බැවින් ලබන වසරේ ජනවාරි 08 දා නව ජනාධිපතිවරයෙකු පත් විය යුතු බවද එම නීති උපදේශකයෝ පවසා සිටිනවා. එහෙත් ලේකම් දයාසිරි පවසන්නේ නලින් පෙරේරා අගවිනිසුරු තුමන් මේ 28 විශ්‍රාම ගිය පසු අලුත් අගවිනිසුරු කෙනෙකුත් එනවානේ යනුවෙනි.

එයින් නොකියා කියවෙන දෙපිට කාට්ටු කතාවක් ඇත. කෙසේ වෙතත් මීලගට සිටින ජෙෂ්ටයන් සියල්ල මහින්ද බැසිල් හා සිරිසේනට හිතවත් පුද්ගලයන් ලැයිස්තුවක් බවයි නීති ශේත්රය පවසන්නේ. එසේ කුමන හෝ පුද්ගලයකුට පක්ෂ පාති අයෙක් සිටියහොත් ව්‍ය්වස්තාධයක සභාවෙන් ප්‍රතික්ෂේප කරන අතර එම නිසාවෙන් නීති ආචාර්ය උපාදියක් තියනවා කියාගන්නා විජේදාස රාජපක්ෂ නමැත්තන් යොදා කලින්ම සභාවට පහර එල්ල කලේ ඒ සැලැස්මට අනුවයි.

පසුගිය කාලයේ සිරිසේන පාර්ලිමේන්තුවේද ප්‍රකාශයක් කල අතර දෙරණ හිරු වගේ දේශපාලන වැඩසටහන් වලට විජේදාස කැදවා ව්‍යවස්ථාදායක සභාව යනු පක්ෂපාති එකක් බව ජනමතය හැදීමට උත්සහයක් ගත්තේ මේ සැලැස්මේ කොටසක් ලෙසයි. නමුත් නැවත දුරකාලය විමසන්න යනවා යයි පුවත කරලියට එන්නේ දැනට සති කිහිපයක් තුලයි.

එය පොහොට්ටු පිරිස් හා සිරිසේන පාර්ශවයේ මීලග දේශපාලන ගේමයි. එසේ ජුනි දක්වා ජනාධිපතිවරණය අදවාගේනේ ඊට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වාගෙන පොහොට්ටුවට බලය අල්ලාගෙන සිරිසේන පොහොට්ටුවෙන් ඉල්ලා ජනාධිපති වීමේ එකගතාව මත සදා ඇති සැලැස්මක් බවයි තොරතුරු සදහන් වන්නේ.

සිරිසේනගේ ව්‍යවස්ථා විරෝධී පාර්ලිමේන්තු විසරවිම අගවිනිසුරු ඇතුළු අධිකරණය නීති විරෝධී බව තීන්දු කලත් නීතිපති පැවසුයේ එය නිත්‍යානුකුල බවයි. සමහරක් විට ඔහු අගවිනිසුරු ධුරයට යෝජනා කිරීමටද ඉඩ ඇති බව සදහන්. මේ slvlog සාක්ෂි ඇතිව මෙම කරුණ තහවුරු කල ආකාරයයි.

About article14

Check Also

නායක සිහින දකින රවී යන යකා කොරහත් බිදගෙන යන ගැටුමට එජාප නායක රනිල් මැදිහත්වේ

එක්සත් ජාතික පක්ෂයේ නියෝජය නායක සහ නිවාස ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!