Breaking News
Home / දේශීය පුවත් / සිරිසේන ජනාධිපති 14 ගහන්න යන එක තුරුම්පුවක් හෙළිවෙයි පාර්ලිමේන්තුවේ දරුණු ගැටුමක් ඇතිකර කල් තබාගැනීමේ සැලැස්මක්

සිරිසේන ජනාධිපති 14 ගහන්න යන එක තුරුම්පුවක් හෙළිවෙයි පාර්ලිමේන්තුවේ දරුණු ගැටුමක් ඇතිකර කල් තබාගැනීමේ සැලැස්මක්

තමා පාවිච්චි කළේ එක තුරුම්පුවක් පමණක් බවත් අවශ්‍ය වුවහොත් පාවිච්චි කිරීමට තවත් තුරුම්පු බොහෝමයක් තිබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (8) රාත්‍රී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාවේදී හා සමස්ත ලංකා කාරක සභාවේදී ප්‍රකාශ කර ඇත.

තමන් ගෙන ඇති තීන්දු තීරණ කිසිම හේතුවක් මත අතරමග නතර නොකරන බව බවසා ඇති ජනාධිපතිවරයා ඒවා ආපස්සට ගන්නේ නැති බවද සඳහන් කර තිබේ.

ලබන 14 වැනිදා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ වැඩ පිළිවෙළට සහයදෙන ලෙස එක්සත් ජතික පක්ෂයෙන් ඉල්ලීමක් කරන බව පවසා ඇති ජනාධිපති සිරිසේන එසේ නොකරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් නීතියටත් එකඟව කළහැකි තුරුම්පු ළඟ තිබෙන බවද පවසා ඇත.

එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කිසිඳු අවශ්‍යතාවයක් නැතැයිද ජනාධිපති සිරිසේන රටට පවසා එජාප නවක මන්ත්‍රී වරුන්ට තර්ජනයක් කර ඇත්තේ තම ආණ්ඩුවට සහය නොදුනහොත් වසර 4 හමාරක් යාමට පෙර විසිරවා හැර විශ්‍රාම වැටුප අහිමි කරවන බව පවසමින්.

ඒකාධිපතියකු ලෙස මහින්ද මහතාව පෙන්වමින් බලය ලබාගත් මොහු මේ වන විට මහින්ද මහතාට වඩා ඒකාධිපතියකු වී තර්ජනය කරමින් තනතරු වරප්‍රසාද දෙමින් ජනමතය අනියම් ආකාරයෙන් විකෘති කරමින් බල උමතුවකින් හැසිරෙමින් සිටීම විද්වතුන්ගේ පුදුමයට හා පිළිකුලට පාත්‍ර වී තිබෙනවා.

එසේම ඊයේ(8) රැස්වීමේදී දයාසිරි ඇමතිවරයා පවසා ඇත්තේ මන්ත්‍රීවරයකුට ජිවිත හානියක් හෝ කර ජනාධිපතිවරයාගේ තුරුම්බුව අනුව තමන්ගේ කාර්ය කරන බවයි. එය ඔහුගේ සමීපතම පුද්ගලයන් පවා නැවත තහවුරු කර සිටියා.

නිදහස් පක්ෂයේ හිටපු ලේකම්වරයකුගේ වර්තමාන රාජ්‍ය ඇමතිවරයකු ලෙස දිවුරුම් දුන් ඇමැතිවරයකුගේ හිටපු ලේකම්වරයකු මේ 14 වනදා මන්ත්‍රී වරයෙක් මරා හෝ තුරුම්බු ගහනවා යන ප්‍රකාශයේ සැලැස්ම හෙළිකර සිටිනවා.

ඒ මේ වන විට සිරිසේන පාර්ශවයට බහුතරය අවිනිශ්චිත නිසා කෙසේ හෝ පාර්ලිමේන්තුව කල් දමාගැනීම මොවුන්ගේ එකම සැලැස්ම බවයි. අද රජයේ ප්‍රකාශකයන් මෙය තහවුරු කරමින් පවසා සිටියේ ජනාධිපති රාජාසන කතාව කල පසු නැවත කල් තැබිය හැකි බව යන්නයි.

මේ කල් දමාගැනීමට මේ වන විට ව්‍යවස්ථාවේ ඇති හිඩැස් සොයමින් සිටින අතර ඒ හිඩැස් වලට අනුව සැලැස්මක් සැදීම මොවුන්ගේ තුරුම්පුව බවයි හිටපු ලේකම් වරයා පවසන්නේ. ඒ පාර්ලිමේන්තුව තුල ගැටුමක් නිර්මාණය කර පාර්ලිමෙන්තුවේ කටයුතු කරගෙන යාමට හැකියාවක් නැති බව පවසමින් කල් තැබීම සැලැස්ම වී ඇති බවයි ඔහු ස්ථිර කර පවසන්නේ.

එසේම පාර්ලිමේන්තුව කැදවන සැම අවස්ථාවකම පාර්ලිමේන්තුවේ ගැටුම් ඇති කරීමට දයාසිරි ලක්ෂ්මන් යාපා තිලංග ඩිලාන් ඇතුළු පිරිසකට වගකීම බාර දී ඇති අතර පාර්ලිමේන්තුව විවෘත කල විට මොවුන් ගැටුම් ඇතිකරගන්නවා යන හේතුව මත රට පාර්ලිමේන්තුව දැන් අරාජිකයි යන හේතුව මත පාර්ලිමේන්තුව විසිරවිමේ ප්‍රතිපාදනය යටතේ විසුරුවා හැරීමට සැලස්මක් සකස් කර ඇතියි වර්තමාන රාජ්‍ය ඇමතිගේ හිටපු ලේකම්වරයා හෙලි කරන්නේ.

එය තහවුරු වන්නේ දැනට දින දෙකකට පමණ පෙර ලක්ෂ්මන් යාපාගෙන් මාධ්‍යවේදියකු පාර්ලිමේන්තුව විසුරවනවාද යන ප්‍රශ්නයට දුන් පිළිතුරක් අනුවයි. ඔහු පවසන්නේ පාර්ලිමේන්තුවේ 3 න් 2 ක යෝජනාවක් සම්මත විය යුතු අතර එසේ නැතිවුවොත් රට අරාජිකයි යන කාරණය මත විසුරවිය හැකි යන ප්‍රතිපාදන මත විසුරවිය හැකි බවයි.

රටේ පිල් බෙදුන ජනතාවට මෙන්ම දේශපාලන පිලක් නොගෙන ජිවත් වන වැදගත් ස්වාධින බුද්ධිමත් ප්‍රජාවටත් රටටත් මේ උන්මන්තකයන්ගේ බල පොරය නිසා විනාශයක් වීම අතලග බවනම් පෙනී යයි.

මේ ඒකාධිපති බලතල ඇති විධායකය විසින් තමන්ගේ ආසාවන් හා බලය වෙනුවෙන් ජනතාව බුරුකුට්ටමක් මෙන් භාවිතා කිරීම කොතරම් ඛේදජනකද යන්න මෙයින් වැටහෙන අතර කෑම බිම තෙල් බෙහෙත් සියල්ල පිටරටින් ගෙන එන රටක මෙවැනි එළිපිට නාට්‍ය රග දැක්වීමෙන් රටේ ජනතාවට මෙවර කන්න පවා නැති කිරීමට යන බවනම් විශ්වාසයෙන් පැවසිය හැකි බව අප මෙසේ කනගාටුවෙන් සටහන් කර තබමු.

About article14

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!