Breaking News
Home / දේශීය පුවත් / සිරිසේන ජනාධිපතිට එරෙහි පෙත්සම් 11 අධිකරණයට. විශේෂ කටයුත්තක් ලෙස අදම විභාගයට ගයි

සිරිසේන ජනාධිපතිට එරෙහි පෙත්සම් 11 අධිකරණයට. විශේෂ කටයුත්තක් ලෙස අදම විභාගයට ගයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු. පක්ෂ රැසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් අදම (12) සළකා බලන බව අධිකරණ ආරංචි මාර්ග කියා සිටී.

ඒ අනුව මෙය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ඇත. එයට අගවිනිසුරු නලින් පෙරේරා ප්‍රධාන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඇතුලත්..

මේ වන විට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය විමල් වීරවංශ , එක්සත් ජාතික පක්ෂයෙන් මංගල සමරවීර, දෙමළ ජාතික සන්ධානයෙන් ඒම්.ඒ සුමන්තිරන්, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම දෙමළ ජාතික සන්ධානය ද මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 11 ක් ගොනු කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සාධාරණයක් බලාපොරොත්තුවෙන් මෙලෙස පෙත්සමක් ගොනු කරන බවයි එක්සත් ජාතික පක්ෂය ජවිපෙ හා අනෙකුත් විපක්ෂයේ පක්ෂ කියා සිටියි. මොවුන් ඉලා සිටින්නේ 19 වන සංශෝධනය අනුව පාර්ලිමේන්තුව විසරවිමේ ගැසට් පත්‍රය බලරහිත කරන ලෙසයි.

මෙහි විශේෂත්වය වන්නේ මහින්ද මෛත්‍රී පාර්ශයෙන්ද පෙත්සමක් ඉදිරිපත්වී තිබීමයි. ඒ පක්ෂපතිවද විරුද්ධවද යන්නනම් තවමත් වාර්තා වී නැ.

එසේම මේ වන විට විශාල දේශපාලකයන් පිරිසක් වගේම සිවිල් සංවිධාන පිරිසක්ද අධිකරණය වෙත පැමිණ ඇති වාර්තා වනවා. මෙය අධිකරණයේ ස්වාධිනත්වය විදයකය ව්‍යවස්ථාදායකය යන අංශ තුනම එක වර පරීක්ෂණයට ලක්වන ලංකාවේ පළමු අවස්ථාවදවනවා. ඒ විධායකය විසින් ගත් තීන්දුවක් ව්‍යවස්ථාදායකය විසින් අධිකරණයේ පිහිට පැතීමයි

About article14

Check Also

ලංකාවේ ජේෂ්ඨ ක්‍රීඩකයන්ට පළමුවරට ක්‍රිකට් සභාපති වූ පුද්ගලයා හා තේරීම් ප්‍රධානියා නැමැත්තා ප්‍රසිද්දියේ මාධ්‍ය ඉදිරියේ අපහස කරයි

18 වනදා වන විට ලෝක කුසලානයට සහබාගිවන රටවල් වලින් කොදෙව් කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම හැර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!