Breaking News
Home / දේශීය පුවත් / සිරිසේන කැබිනට් නාවට කැබිනට් එක අහෝසි වෙන්නේ නැ – රනිල් කියයි

සිරිසේන කැබිනට් නාවට කැබිනට් එක අහෝසි වෙන්නේ නැ – රනිල් කියයි

කැබිනට් මණ්ඩලයේ රැස්විම් නොපැවැත් වු පමණින් කැබිනට් මණ්ඩලය අහෝසි වන්නේ නැහැ. බහුතරයක් ඇති පක්ෂයේ නායකයා වශයෙන් අගමැති ධුරයට මා පත් වි තිබෙන්නේත් මා විසින් කැබිනට් මණ්ඩලය පත් කොට තිබෙන්නේත් පාර්ලිමේන්තුවේ අනුමැතිය අනුවයි.

එසේම තේරිම් කාරක සභාව පත් කර තිබෙන්නේද පාර්ලිමේන්තුව විසිනුයි. එබැවින් තේරිම් කාරක සභාවේ කටයුතුවලට මැදිහත්වීමට කැබිනට් මණ්ඩලයට කිසිදු හැකියාවක් නැහැ” යයි ද අගමැති රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේ දි සිවිල් සමාජ ක්‍රියාකාරින හා වෘත්තිය සමිති නායකයින් සමඟ අද(11) පැවැති සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත.

තමා ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍යය පාවා දීමට කිසි විටෙකත් කටයුත් නොකරන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පවසා ඇත. මෙහි දි පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක් වු රනිල් වික්‍රමසිංහ මහතා එම කාරක සභාව පත් කරන ලද්දේ පාර්ලිමේන්තුවේ සියලු ම පක්ෂවල එකඟත්වය ඇතිව බවද පවසා ඇත.

“අපි තේරිම් කාරක සභාවෙන් කාරණා දෙකක් ඉල්ලා සිටියා. පළමු වැන්න රිෂාඩ් බදියුද්දීන්ට විරුද්ධව ඇති චෝදනා විභාග කොට ඉක්මණින් තීරණයක් ලබා දෙන ලෙසයි.

ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට විරුද්ධව ඉදරිපත් කොට ඇති විශ්වාසභංග යෝජනාව ජුලි මාසයේදි විවාදයට ගන්නා නිසා එයට පෙර මේ පිළිබඳව තිරණයක් ලබා ගැනීම වැදගත් නිසයි එසේ ඉල්ලා සිටියේ. අප ඉල්ලා සිටි දෙවන කරුණ නම් බුද්ධි අංශ නිලධාරීන් තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙන විට මාධ්‍ය ඉවත් කර එහි සාක්ෂි විභාග කරන ලෙසයි.

අප්‍රේල් 21 දා සිද්ධිය ගැන පරික්ෂණ පැවැත් වු මලල්ගොඩ කොමිටියේ වාර්තාව දැන් බාර දි ඇති බවත් එය ලැබුණු පසු එහි නිර්දේශ පිළිබඳව ඉදිරියේ දි කටයුතු කරන බවත් අගමැතිවරයා තවදුරටත් කීය.

නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා කාත්තන්කුඩියේ දි කර තිබු ප්‍රකාශ රජය තරයේ හෙළා දකින බව මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ජාතිවාදි කතා දැන්වත් නතර කළ යුතු බවත් ඒවායින් සිදු වන්නේ විශාල හානියක් බවත් ඔහු පැවසීය.

“අප කටයුතු කළ යුත්තේ,ශ්‍රි ලංකිකයින් වශයෙනුයි. මේ රටේ උපාධි ලබා දෙන ආයතන පිහිටුවීමේ බලය ඇත්තේ රජයට පමණයි.ඒ නිසා නැහෙනහිර අරම්භ කිරිමට යන විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නවා.” යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

About article14

Check Also

අපේක්ෂකයා එන්නේ කාගේත් එකගත්වයෙන් එජාපයෙන් – එජාප මහලේකම්ගෙන් නිවේදනයක්

එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිලිබදවයි. එය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!