Breaking News
Home / දේශීය පුවත් / සිරිසේන එජාපය මහින්ද සිතල දේශපාලන ගේමක. පොලිසිය ෆොන්සේකාට දෙන්න සාකච්චා

සිරිසේන එජාපය මහින්ද සිතල දේශපාලන ගේමක. පොලිසිය ෆොන්සේකාට දෙන්න සාකච්චා

ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යධූරය නිර්දේශ කර යැවීමට රජය අද තීරණය කරනු තිබෙනවා. රජය මේ තීරණයට එළඹියේ ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට හිමිවිය යුතු බවට කලින් නිර්දේශ කළ අමාත්‍යාංශ විෂයයන්වලට අමතරව බවයි සදහන්.

එක්සත් ජාතික පෙරමුණු රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කණ්ඩායම අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවූ අවස්ථාවේදී ඉහත කාරණය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත. කිසියම් පුද්ගලයෙකුට ද්විත්ව පුරවැසිභාවය හෝ ශ්‍රී ලංකා පුරවැසිභාවය දීමට අවසන් අනුමැතිය පළ කළ යුත්තේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා විසිනි.

අමාත්‍යධූරය ලැබෙන තෙක් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ සියළු කටයුතු අධික්ෂණය කරන ලෙස ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා වෙත අග්‍රාමාත්‍ය කාර්යාලය ඊයේ දිනයේදීම දැනුම්දීමට නියමිතව පැවතුනි. පෞද්ගලික ජපන් සංචාරය නිමකර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකාවට පැමිණි විගස ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට අභ්‍යන්තර කටයුතු විෂය පැවරීමට අදාළ නිර්දේශය යොමු කිරීමට නියමිතය.

About article14

Check Also

නායක සිහින දකින රවී යන යකා කොරහත් බිදගෙන යන ගැටුමට එජාප නායක රනිල් මැදිහත්වේ

එක්සත් ජාතික පක්ෂයේ නියෝජය නායක සහ නිවාස ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!