Breaking News
Home / දේශීය පුවත් / සිරිසේනගේ හොඳම ගෝල තානාපති තානාපතිකම කෙසේ වෙතත් යුව රජ වරුන්ගේ ගමන් මලු උස්සමින් තනතුර බල්ලට දමා නාටමි වැඩේ කරයි

සිරිසේනගේ හොඳම ගෝල තානාපති තානාපතිකම කෙසේ වෙතත් යුව රජ වරුන්ගේ ගමන් මලු උස්සමින් තනතුර බල්ලට දමා නාටමි වැඩේ කරයි

කටාරයේ ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.බී. ලියනගේ මහතා හා යෝෂිත හා රෝහිත රාජපක්ෂ යන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් දෙදනා ඇතුළත් ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

රාජපක්ෂ සොයොයුරන් පිළිගැනීමට කටයුතු කිරීම පිළිබඳව කටාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයාට විවේචනයක් එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුම හරහා සිදුකර තිබේ.

ඔහු පවසන්නේ තම සොහොයුරන් CH&FC කණ්ඩායම සමග දෝහා නුවරට ගියේ මිත්‍ර රග්බි තරගයට එක්වීමට බවත් තම සොහොයුරන්ට මෙවැනි ද්වේශ සහගත ප්‍රකාශ දරා ගැනීමට හැකි බවයි.

දෝහා රග්බි හා පාපන්දු මධ්‍යස්ථානය මෙම මිත්‍ර පාපන්දු තරගයට ආරාධනා කළ බවත් එයට එක්වීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීමට තානාපතිවරයා ගුවන් තොටුපොළට පැමිණ සිටි බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එසේම මෙම ප්‍රකාශ සඳහා CH&FC කණ්ඩායම සම්බන්ධ කර නොගන්නා ලෙසත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.

එසේම පසුගිය දිනවල මේ කටාර් තානාපති ලාංකිකයන් විසින් පිහිටවාගත් ශ්‍රී ලංකා පාසල වසා දමා එහි කෝටි ගණනක තැන්පත් මුදල් ගැනීමට කටයුතු කරමින් සිටින වග දැන් වසර ගණනාවක සිට එහි බාරකරුවන් මාධ්‍ය හෙළි කරමින් සිටියත් ඔහු තානාපති ලෙස පත් කල පුද්ගලයා කිසිදු ප්‍රශ්නයක් නැතිව තනතුරේ රදවාගෙන සිටි. මේ සියල්ල පසුපස සිටින හස්තය දැන් රටටම පැහැදිලියි.

 

About article14

Check Also

අපි සමනල්ලු. එහෙනම් අපේ ඡන්දය ආය එපාද? සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්

සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්. වීඩියෝව පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!