Breaking News
Home / දේශීය පුවත් / සිරිසේනගේ හිතවත් සජිත් යවා නැවත කැබිනට් එක ඊලග අගහරුවදා රැස් කරන්න එකගතාවකට ඇවිත්

සිරිසේනගේ හිතවත් සජිත් යවා නැවත කැබිනට් එක ඊලග අගහරුවදා රැස් කරන්න එකගතාවකට ඇවිත්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සුපුරුදු ආකාරයට ලබන සතියේ සිට කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි පැවැත්වීමට මේ වන විට එකඟතාවය පළවී ඇති බව එජාපය පවසනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ටජිකිස්ථාන් සංචාරයට පෙර එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍ර්මදාස මහතා ප්‍රමුඛ රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයා හමුවී කළ සාකච්ඡා කිහිපයක ප්‍රතිඵලයක් ලෙස නව ප්‍රවනතාවය ඇති කර ගත හැකිවූ බව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු කීවේය.

ජනාධිපති හා රජය ඇති කර ගත් එකඟතාවය අනුව ලබන අගහරුවාදා (18) සුපුරුදු පරිදි කැබිනට් රැස්වීම පැවැත්වෙනු ඇත. මේ අතරම නව ප්‍රවනතාවය ඇතිවීමට ප්‍රථමව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ වගකීම් යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 හා 43 වගන්තීන්ට අනුව ඇමති මණ්ඩලය කැදවන ලෙස ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා යැවීමට රජය තීරණය කර තිබින.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායකය, අමාත්‍ය මණ්ඩලය, ජනාධිපතිවරයාගේ වගකීමට අදාළ 42 වන වගන්තියේ මෙසේ සඳහන්ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ද මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් තත්කාලයේ බලපවත්නා නීතිය අනුව වෙනත් යම් ලිඛිත නීතියක් යටතේ ද ස්වකීය බලතල කාර්ය සහ කර්තව්‍ය යථා පරිදි ක්‍රියාත්මක කිරීම සහ යථාපරිදි ඉටු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුත්තේය”.

විධායකය යටතේ අමාත්‍ය මණ්ඩල වගකීම 43 (1) වගන්තිය යටතේ දක්වා ඇත්තේ පහත පරිදිය. රජයේ පාලනය මෙහෙයවීම හා ඒ පාලනය බාර අමාත්‍ය මණ්ඩලයත් වන්නේය. අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවේ සාමූහිකව කටයුතු කිරීමට හා උත්තරදීමට බැදී සිටින්නේය”.

ජනාධිපති, අමාත්‍ය මණ්ඩල සාමාජිකයෙක්ද, අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියාද වන්නේය” යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 (2) යටතේ සඳහන් වන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉහත ප්‍රතිපාදනය පදනම් කර ගනිමින් කැබිනට් මණ්ඩල රැස්වීම කැදවන ලෙස දැනුම්දීමට රජය සුදානමින් සිටියත් ඇතිව තිබෙන ප්‍රවනතාවය අනුව ඒ දැනුම්දීම කිරීමට අවශ්‍ය නොවනු ඇතැයි ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන පැවසු බව එජාපය කියයි.

About article14

Check Also

එංගලන්තයෙ රෝහල් අපද්‍රව්‍ය ඇතුළු විෂබීජ ඇතුලත් කන්ටේනර් ගෙනවිත් ඇත්තේ 2017 සිටලු

දැනට මහත් ආන්දෝලනයට ලක්වී ඇති කුණු කන්ටේනර් ගෙනඒම සඳහා මග පෑදූ2013-07-30 දිනැති අංක 1818-30 දරණ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!