Breaking News
Home / දේශීය පුවත් / සිරිසේනගේ වැය ශීර්ෂය පරාජය නොකලාට කෙන්යාවේ සිට සිරිසේන එජාපයට ස්තුති කරයි. ඉදිරියට නැවත එජාපය හා සමීප වී වැඩ කිරීමේ මෙහෙයුමක්

සිරිසේනගේ වැය ශීර්ෂය පරාජය නොකලාට කෙන්යාවේ සිට සිරිසේන එජාපයට ස්තුති කරයි. ඉදිරියට නැවත එජාපය හා සමීප වී වැඩ කිරීමේ මෙහෙයුමක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා එක්සත් ජාතික පක්ෂය අතර යළි සමීප සම්බන්ධතාවය ඇති කර ගැනීම සඳහා ගත් ක්‍රියාමාර්ග මේ වන විට අතිශය සාර්ථක වී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ අනුදැනුම ඇතිව රජයේ ජ්‍යෙෂ්ඨයන් ව්‍යාපාරිකයෙකු සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු රජය හා ජනාධිපතිවරයා අතර යළි සමීප සබඳතාවය ඇති කර ගැනීම සඳහා පසුගිය දින කිහිපයේදි සාකච්ඡා වට කිහිපයක් පවත්වනු ලැබූහ.එහි අවසන් සාකච්ඡා වටය ජනාධිපතිවරයා කෙන්යා සංචාරයට පැය කිහිපයකට පෙර පැවැත්වී ඇත.

අවසන් සාකච්ඡාවේදී ජනාධිපති වැය ශිර්ෂය හා අය වැය සම්බන්ධයෙන් ශ්‍රීලනිප තීරණය ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය නියෝජිත පිරිසට දැනුම් දුන් අතර ඊට අග්‍රමාත්‍යවරයාගේ පියවර පාර්ලිමේන්තුවේදි ගනු ලැබීය.

පාර්ලිමේන්තු වැය ශිර්ෂය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා අනුගමනය කළ ක්‍රියාකලාපය පිළිබඳව ජනාධිපතිවරයා විසින් කෙන්යාවේ නයිරෝබි නුවර සිට අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිත පිරිසට ස්තුතිය පළ කර තිබේ.

ඊට අමතරව ජිනිවා මානව හිමිකම් සැසිය සඳහා යවන නියෝජිත කණ්ඩායම රජයට අවශ්‍ය ආකාරයට නම් කිරිමට ද ඉහත සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයාගේ පූර්ණ අනුමැතියට පළ වී ඇත. මේ තත්ත්වය යටතේ ජනාධිපති හා එක්සත් ජාතික පක්ෂය අතර ඉදිරි සතියේදි සමීප සබඳතා යළි ගොඩ නැගෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග තහවුරු කරයි.

About article14

Check Also

නිරාගමික මංගලගේ මතයට රනිල්ගෙන් කනේපහරක්

ථෙරවාදී බුදු දහම නිසා මෙරට ශිෂ්ටාචාරයත් සිංහල ජාතියත් බිහි වූ බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!