Breaking News
Home / Video / සිරිසේනගේ පාර්ලිමේන්තුව විසරවීමේ ව්‍යවස්ථා උල්ලංගනය වන තනි තීරණයට මහින්දගෙන් විරෝධය. සිරිසේන විශ්වාස නැ වෙල්ගම කියයි

සිරිසේනගේ පාර්ලිමේන්තුව විසරවීමේ ව්‍යවස්ථා උල්ලංගනය වන තනි තීරණයට මහින්දගෙන් විරෝධය. සිරිසේන විශ්වාස නැ වෙල්ගම කියයි

19 වන සංශෝධනයත් සමග වසර 4 හමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසිරවිය නොහැකි යන ප්‍රතිපාදනය නොසලකා හැර පාර්ලිමේන්තුව විසිරවීමට උමතුවෙන් මෙන් හැසිරෙන ජනාධිපති සිරිසේනගේ අත්තනෝමතික තීන්දුවට තමන්ගේ සහයක් නොමැති බව හිටපු ජනපති තුමන්ගේ ස්ථාවරය වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරනවා. ඒ මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන නිදහස් පක්ෂ හා ආණ්ඩුපක්ෂ මන්ත්‍රී රැස්වීමේදී.

දෙවරකට වඩා ජනපතිධුරයේ රැදී සිටීමට අවශ්‍ය කරන වටාපිටාව හා ප්‍රතිපාදන සාදාගත්තේ හිටපු ජනපති මහින්ද 18 වන සංශෝධනය 3 න් 2 කින් සම්මත කරගෙනයි. ඒ ව්‍යවස්ථාවට නව ප්‍රතිපාදනයක් සපයා ගනිමින්. එය සාධාරණද නැද්ද යන කාරණය පසෙක තබා බැලු විට එය 18 වන සංශෝධනය අනුව ව්‍ය්වස්තානුකුල බවට පත්වූ වුවා. පසුගිය දින පැවැත්වූ රැලියේදී මහින්ද මහතා පැවසුවේ තමන් ජනපති වූවානම් සිරිසේන ජනපතිගේ තීරණය නොගන්න බව.

කෙසේ වෙතත් ව්‍ය්වස්තානුකුලව ජනාධිපතිවරයාට මේ වන විට පාර්ලිමේන්තුව විසිරවිය නොහැකි බැවින් එසේ නොකර 14 වනදා 113 බහුතරය පෙන්වා තමන්ගේ බලය පෙන්වමු යන්න මහින්ද මහතාගේ යෝජනාව බවට පත්වී තිබෙනවා.

නමුත් කොයි මොහොතක කිසිවකු නොදැන වර්තමාන ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවා හරිද යන්න කිසිවකු නොදන්නා බවයි විචාරකයන්ගේ අදහස. ඒ තරම් මේ පුද්ගලයා විශ්වාස කල නොහැකි තරමට විශ්වාසය බිදී ඇතියි ඔවුන්ගේ අදහස

මේ වන විට අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ පාර්ලිමේන්තුවේදී බහුතර පෙන්වන්නට නොහැකි වුවොත් මහින්ද මහතා ඉවත් වන අතර රනිල් වික්‍රමසිංහ බහුතරය නොපෙන්වුවොත් ප්‍රශ්නය අවසන් වනවා.

මේ වන විට කුමාර වෙල්ගම පවසා සිටින්නේ ඉදිරි මැතිවරණ සියල්ල පොහොට්ටුවෙන් ඉල්ලන බවත් ජනාධිපති සිරිසේන විශ්වාස නැති බවත් දිගින් දිගටම පවසනවා. එසේම ඔහු පවසන්නේ මහින්ද මහතාට සහය දුන්නත් ඉන් ඉදිරියට ස්වාධින වී විපක්ෂයේ වාඩිවන බවයි.

ඒ ප්‍රතිපත්ති අනුව මෙම ආණ්ඩුවේ රෙද්දක් ඇදගෙන ඒ කණ්ඩායම සමග එකට ඉදගත නොහැකි බවයි. තමන් වමේ මිනිහෙක් වන නිසා කිසි දිනක එජාපයට නොයන බවත් තමන්ගේ මිනිහා මහින්ද බැවින් ඔහුට පමණක් හැම විටම සහය දෙන බව ඔහු පවසනවා

මේ ඔහු පැවසු අදහස්

About article14

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!