Breaking News
Home / දේශීය පුවත් / සිරිසේනගේ තවත් සිහිනයක් රාජගිරිය ගුවන්පාලම සඳුදා විවෘත කරයි. මූලිකත්වය දුන් ආචාර්ය හර්ෂලා කැපෙයි

සිරිසේනගේ තවත් සිහිනයක් රාජගිරිය ගුවන්පාලම සඳුදා විවෘත කරයි. මූලිකත්වය දුන් ආචාර්ය හර්ෂලා කැපෙයි

කොළඹ පවතින මාර්ග තඳබදයට පිළියමක් ලෙස ඉදිකෙරුණු රාජගිරිය ගුවන් පාලම හෙට (08) විවෘත කිරිමට නියමිතව තිබේ.

එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන බව ජනාධිපති මාධ්‍ය  අංශය සදහන් කළේය.

පාලමේ ඉදිකිරිම් කටයුතු මෙම වසර අවසානයේ ඉදිකර අවසන් කිරිමට නියමිතව තිබුණ ද එහි කටයුතු මාස 11ක් වැනි කාළයක් තුළ අවසන් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.

මංතීරු හතරකින් සමන්විත මෙම ගුවන් පාලම දිගින් මීටර් 534ක් වන අතර මීටර් 180ක පිවිසුම් මාර්ගයකින් ද සමන්විතයි.

ස්පාඤ්ඤ සමාගමක් සහ දේශිය සමාගමක් එක්ව 2016 වසරේ මෙම ගුවන් පාලමේ ඉදිකිරිම් අරම්භ කළ අතර ඒ සඳහා රුපියල් මිලියන 4700ක් වැය කර ඇති බව ජනාධිපති මාධ්‍ය  අංශය සඳහන් කළේය.

මීට සමගාමීව අවට මාර්ග රැසක් සංවර්ධනය කෙරෙන අතර නාරාහේන්පිට දෙසට ගමන් කිරිම සඳහා විකල්ප මාර්ගයක් මෙන්ම බුත්ගමුව දෙසට මාර්ගය මංතිරු 03ක් සහිතව සංවර්ධනය කිරිමට නියමිතය.

am.lk

මෙම ව්‍යාපෘතිය ආරම්භයේ සිටම ආචාර්ය හර්ෂ ද සිල්වා ඉතා ඕනෑකමින් මෙම ව්‍යාපෘතියට මැදිහත්වූ ආකාරය පසුගිය වසරක පමණ කාලය තුල අප මාධ්‍යෙන් පවා දුටුවා. එහෙත් මැතිවරණයක් ඔන්න මෙන්න තිබියදි ජනාධිපතිගේ මාධ්‍ය නිකුත් කරායයි මෙම වෙබ් අඩවිය පවසන නිවේදනයෙන් පෙනෙන්නේ සිරිසේන ජනාධිපතිවරයාගේ මොරගහකන්ද වැනි සිහිනයක් හෙට(8) විවෘත කරන අදහසක්.

කොතරම් ජාතික ආණ්ඩුයයි පැවසුවත් මුල සිටම අප දුටුවේ ඔවුන්ගේ ජාතික හැගීම් තිබෙන්නේ වරප්‍රසාද ඇමතිකම් බෙදාගැනීමේදි පමණක් බවයි. අනෙක් හැම වෙලාවකම එකා පිට එකා ඉලිප්පීමට පක්ෂ බෝඩ් ලෑලි රටේ ජනතාව මව්බිමට වඩා සුද්ද කර ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් කැප වෙන බවක් මේ සියල්ලගෙන්ම අප දුටුවේ.

පරිනත දේශපාලන නායකත්වයක් වර්ථමානයේ කිසිවකුගෙන් නොපෙනෙන අතර මාධ්‍යට නාඩගම් පෙන්නන දේශපාලකයින් පමනක් අද එදාවේල කමින් සිටීම රටට හෙණ ගැහී තිබීම පුදුමයක් නොවෙයි.

About article14

Check Also

දුරය අහිමිවීමේ බියෙන් රෝසි රනිල් ලග දණගහයි කොළඹ නගර සබාවට පලාත්සබාවෙන් කෝටි 300 ක පොල්ලක්

එක ගෙදර වසන සජිත් බලවේගයෙන් පුතා චන්දය ඉල්ලන කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය ඇතුළු එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!