Breaking News
Home / දේශීය පුවත් / සිරිමාවෝගේ හාල් පොල්ලෙන් පසු යහාපාලන තෙල් පොල්ල පිරවුම්හල් වලට පොලිස් ආරක්ෂාව. නැව එන්නේ 9 දා

සිරිමාවෝගේ හාල් පොල්ලෙන් පසු යහාපාලන තෙල් පොල්ල පිරවුම්හල් වලට පොලිස් ආරක්ෂාව. නැව එන්නේ 9 දා

මේ වන විට කොළඹ හා තද ආසන්න ප්‍රදේශවල කිලෝමීටර ගනන් පෙට්‍රල් ලබා ගැනීමට වාහන පෝලිම් දැක ගත හැකි. මාස ගණනාවකට තෙල් ගබඩා කල හැකි සංකීර්ණයක් ත්‍රීකුණාමලයේ තිබුනත් ඉන් අඩක් ඉන්දියාවටද අනෙක්වා පරිහානයටද ගොස් ඇත. එය පෝලිම් වල සිටින ජනතාවගේ වරද නොවේ.

දිනකට කෝටි 5 ක් වියදම් වන කිසි කමකට නැති ජනතාවට බරක් වූ පාර්ලිමේන්තුව නම් වූ හරක් මඩුවේ වියදමෙන් තෙල් ටැංකි ටික නඩත්තු කලානම් පොලිස් ආරක්ෂාව මැද තෙල් පොල්ලකට මුහුණ දීමට ජනතාවට සිදු නොවනු ඇත.

ලංකාවට තෙල් නැවක් පැමිනීමට ඇත්තේ 9 වන අතර එය ප්‍රමිතියෙන් යුතු වූවොත් එය ගොඩබෑමට දින දෙකක් යන බව සදහන්. ගොඩබාන අතර බෙදාහැරීම් කල හැකි වුවත් මේ තත්වය සම්පූර්ණයෙන් යථා තත්වයට පත්වීමට 12 වනදා වන බවයි තෙල් සේවකයන් පවසන්නේ.

ක්‍රීඩා ඇමතියාගේ හිල් හොයපු තෙල් ඇමතියා ඔහුගේ කාර්ය කර නැත. අනෙක් අතට ක්‍රීඩා ඇමතිකම හරි හැටි නොකර දැන් ක්‍රීඩා ඇමතියා තෙල් ඇමතියාට රිටන් එක දීමට හින්ට් ඇරීමට පටන්ගෙන ඇත.

මේ නාඩගන් අපට වැඩක් නැත. ලංකාවේ ප්‍රසිද්ධ සාර්ථක ව්‍යාපාරයක ඇති කළමනාකරනය රට පාලනය කරන උන්ට නැති වීම කනගාටුය. මෙයින් දේශපාලන වාසි ගැනීමට විපක්ෂ උන් අවලාද නගමින් සිටී. එසේනම් 94 සිට සුද්දා හැදූ ටැංකි ටික පේන්ට් කර හිල් වසා නැවත පාවිච්ච්යට ගැනීමට උන්ට නොහැකි වුනේ මන්ද. වසර 20 ක් උන් පොල් ගෑමෙන් පසු වසර දෙකක් පාලනය කරන කොන්දක් නැති උන්ට කොහොමටවත් නොහැකිය.

වසර 20 ක් රට කා දුර්වල කලමණාකරනයක් ලෙස ගත් රටේ ඉන්න සුපිරි මොළකාරයා කියූ හාදයාට තෙල් ටික බෙදාගැනීමටවත් කලමනාකරන හැකියාවක් නැත. දක්ෂ කළමනාකරුවන් උදේ වැඩට ගොස් හවස ගෙදරට වෙලා නිදාගනියි. කාර්යාලයක පියන් කෙන්ක්ටවත් නොසුදුසු නුවනක් නැති ගොන් හරක් රට පාලනය කරයි.

ඉතිං මේ අපට හෙනගසා ඇති ප්‍රමානය මදිය. මැතිවරනයක් ආ විගස ගමේ පලාතේ ඉන්න මෝඩ මූසලයන්ටික අප පාලනය කිරීමට යවා උන්ටම දෙස් තිය තියා සිටී. වරද පාලනය කරන හරක්ගේ නොව. එතනට හැමදා උන් යවපු මී හරක් රටේ එකාලගේමය.

 

About article14

Check Also

ගෝඨාභය අත් අඩංගුවට ගන්න නොදෙන්නේ විධායක ජනාධිපති සිරිසේන – නීතීඥ සුගන්ධිකාගේ අන්දෝලනාත්මක හෙලිකිරීම

අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සියලු කෙටුම්පත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් සකස් කර තිබියදීත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!