Breaking News
Home / දේශීය පුවත් / සිරසේ අගමැති එලවීමේ කොන්තරාත්තුව ඉහලින්ම කල ශ්‍රීපාල් වන්නිආරච්චි එළබෙන මහා මැතිවරණයට පොහොට්ටුවෙන් ඉල්ලන්න මහින්දගෙන් අවස්තාවක් ඉල්ලයි

සිරසේ අගමැති එලවීමේ කොන්තරාත්තුව ඉහලින්ම කල ශ්‍රීපාල් වන්නිආරච්චි එළබෙන මහා මැතිවරණයට පොහොට්ටුවෙන් ඉල්ලන්න මහින්දගෙන් අවස්තාවක් ඉල්ලයි

අගමැති ජනපති අර්බුදය මේ වන විට නිම වී ඇති අවස්තාවක අද (19) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී හිටපු ජනපති පාර්ලිමේන්තුවට පැමිණ සිටියා. ඒ අතර වත්මන් ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩලයේ කිහිපදෙනෙක් බෝජනාගාරයේ සිටි අතර හිටපු ජනාධිපතිවරයා දුටු විගස දණගසා වැඩ නමස්කාර කර ඇති බව තතු දන්නෝ පවසනවා. ඒ අතර සම්බන්ධිකරණ ලේකම්වරයකු හා මාධ්‍ය අංශයට සම්බන්ධ අය ඇති බවයි පැවසෙන්නේ. ඔවුන් වැද නමස්කාර කර ගිය පසු හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ “ඒ කවුද දන්නවද ඒ මෛත්‍රිගේ සෙට් එකක් මට වැදලා යනවා” යනුවෙනි.

එසේම පසුගිය සතිය පුරා කැපිටල් මහරාජා ආයතනයේ සේවකයින් මහාචාර්යා ආචාර්යවරුන් මෙන් ජනතා වගකීමක් බව කියමින් මාධ්‍ය සන්ධර්ශනයක් පැවැත්වූ අතර එහි ඔවුන් පවසා සිටියේ ලැජ්ජා නැති අගමැති ගෙදර යා යුතු බවයි.

එහෙත් එය පක්ෂ පාට බේදයකින් තොරව සමාජය හෙලාදැකපු අතර ඔවුන්ගේ සීමාව ඉක්මවා තම පුද්ගලික අරමුණකට යන ගතියක් සමාජයට පෙන්වීම නිසා සමාජය ඔවුන් පිළිකුලෙන් යුතුව හෙලාදැක්කා. ඒ අතර ප්‍රධාන පුද්ගලයකු වුයේ ශ්‍රීපාල් වන්නි ආරච්චි නම් වූ පාර්ලිමේන්තු වාර්තාකරුවයි.

මොහු අද දින පාර්ලිමේන්තුවේදී හිටපු ජනපති සමග කරට අත දමාගෙන සුහදව පැය බාගයක් පමණ සාකච්චාවක නිරතවී ඇති අතර විශ්වාස ආරංචි මාර්ග පවසන්නේ මීලග පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට ඔහු පොහොට්ටුවෙන් නාමයෝජනා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවයි. එයට හිටපු ජනාධිපතිවරයා එකගවූ බවත් එම ආරංචි මාර්ග සනාත කරනවා.

මෙවන් දේශපාලනයක නිරත මේ රටේ දේශපාලකයන් හා මාධ්‍යවේදීන්යයි කියාගන්න පුද්ගලයින් නිසාවෙන් මේ වන විටත් කොටස් වෙළදපල ඩොලරයේ අගය කඩා වැටි රට අස්ථාවර වී තිබෙනවා. මෙම රටේ කිසිදු දේශපාලකයකුට වගේම මේ වන විට මාධ්‍යටත් රට ගොඩ නැගීමට කිසිදු අවශ්‍යතාවක් නැති අතර දේශපාලකයන් හා මාධ්‍යකරුවන් ඩිල් දමමින් පුද්ගලික ලාබ තකා වැඩ කරමින් සිටීම පිල් බෙදී ඇති පොදු ජනයාටනම් කිසිදු සෙතක් නොවෙන බවයි උජාරුවෙන් පිල් බෙදී ඇති ජනතාවට අපට පැවසීමට ඇත්තේ.

About article14

Check Also

භාතිය සන්තුෂ් උමාරියාගේ ගීතයක් අගමැති මෝදී අගමැති රනිල්ට පෙන්වයි පලුදු වූ සම්බන්ධකම් නැවත ගොඩනැගු හැටි සිරිසේනට කියන්න රනිල් යයි

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය කැඳවා ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!