Breaking News
Home / දේශීය පුවත් / සියලු බේද අමතක කර මංගල විමල් හා හර්ෂ පාර්ලිමේන්තුවේදී එක පැත්ත ගනියි. ටි.එන්.එල් තහනමට සියලු පක්ෂ විරෝධය දක්වයි

සියලු බේද අමතක කර මංගල විමල් හා හර්ෂ පාර්ලිමේන්තුවේදී එක පැත්ත ගනියි. ටි.එන්.එල් තහනමට සියලු පක්ෂ විරෝධය දක්වයි

ජනාධිපතිවරයා විසින් ටීඑන්එල් රූපවාහිනියට සීල් තබා තහනම් කිරීම අද සවස පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවත් විපක්ෂයත් එක්ව හෙළා දකිමින් ඊට විරෝධය පළ කිරීම සුවිශේෂී තත්ත්වයක් විය.

මෙහිදී ටීඑන්එල් තහනම ගැන මාධ්‍ය ඇමතිවරයාගෙන් ප්‍රථමයෙන් ප්‍රශ්න කෙළේ ඒකාබද්ධයේ විමල් වීරවංශ විසිනි. අගමැතිගේ අයියාගේ නාලිකාව තහනම් කිරීම ගැන විපක්ෂයක් සතුටු විය යුතු නමුත් අප එලෙස සිතන්නේ නැතැයිද මෙය දරුණු මාධ්‍ය මර්දනයක් බවද මේ වන විට ටීඑන්එල් විකාශනාගාර වලට සීල් තබා ඇති බව මාධ්‍ය ඇමැතිවරයා දන්නවාදැයි විමල් වීරවංශ ප්‍රශ්න කෙළේය.

ඊට පිළිතුරු දෙමින් මාධ්‍ය ඇමැති මංගල සමරවීර කියා සිටියේ තමා ඒ ගැන කිසිවක් නොදන්නා බවයි. මිතුරාගේ විවේචනයට වඩා සතුරාගේ විවේචනය වඩා වැදගත් යැයි වෝල්ටෙයාර්ගේ ප්‍රකාශයක්ද උපුටා දක්වමින් කතා කළ සමරවීර මහතා කියා සිටියේ තමාට සිරස මාධ්‍ය ‘කොටළුවා’ යනුවෙන් කාටුන් පළ කරමින් විවේචනය කළ නමුත් කිලී මහාරාජා සමග තමන්ට කිසිදු ගැටළුවක් නොමැති බවයි.

යහපාලන ආණ්ඩුව මෙම ක්‍රියාවලිය කිසිසේත්ම අනුමත නොකරන බව කී මාධ්‍ය ඇමැතිවරයා විදුලි සංදේශන නියාමන කොමිසමේ සභාපතිවරයාගෙන් විමසා ලැබෙන පිළිතුර පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවද කියා සිටියේ ය.

ඉන්පසුව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කතා කරමින් තමන්ද විමල් වීරවංශ මන්ත්‍රීවරයා සමග එකඟ වන බවත් මෙය ආණ්ඩුව කිසිසේත්ම අනුමත නොකරන්නක් බවත් කියා සිටියේ ය.

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!