Breaking News
Home / දේශීය පුවත් / සියලු තීරණ ගන්නේ ජලනි, එජාපෙ කැඩූ ජේෂ්ඨයන් අවුලෙන්, සජබෙන් ඉවත්වී ස්වාධින වනවා මුස්ලිම් කොන්ග්‍රසය කියයි

සියලු තීරණ ගන්නේ ජලනි, එජාපෙ කැඩූ ජේෂ්ඨයන් අවුලෙන්, සජබෙන් ඉවත්වී ස්වාධින වනවා මුස්ලිම් කොන්ග්‍රසය කියයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පාර්ලිමේන්තු කටයුතු වලදී ස්වාධීනව කටයුතු කිරීමටත් අවධානය යොමු වී ඇති බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක යූ.ටී.එම්. අන්වර් මහතා පැවසීය.

මේ පිළිබඳව පක්ෂයේ උත්තරීතර මණ්ඩලයේ දී අවධානය යොමු වූ බව ද ඔහු සඳහන් කළේය.

එමෙන්ම පක්ෂයේ පුළුල් ප්‍රතිසංවිධාන සංවිධානයක් සිදු කිරීමට සලකා බලමින් සිටින බවත් ඔහු කියා සිටියේය.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ වන තෙක් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කිසිදු තීරණයක් ගෙන නැති බවත් පවසන ඔහු එහි අදාළ වෙනස් කම් කර නැවත ඉදිරිපත් වීමෙන් පසු ඒ ගැන සාකච්ඡා කරන බවත් පැවසීය.

එහෙත් පහුගිය 12 වනදා මුස්ලිම් කොන්ග්‍රසය මෙවර සන්ධානගත් වූ සජබේ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ සජබෙන් බිහිවූ මන්ත්‍රීවරු තම මව පියා පාවා දෙනවා මෙන් සජබෙට පිටු නොපාන බවයි.

තවද සජබේ ආරංචිමාර්ග පවසන අන්දමට සජබේ කොටස් 7 කට වෙන්වී ඇති බවත් එයට හේතුව සජිත් ප්‍රේමදාසගේ ආර්යාව හා සැලෝන් කාන්තා කණ්ඩායමක් විසින් සජබේ තීන්දු තීරණ ගැනීම කරන නිසා බවයි සදහන් වන්නේ. සජිත් ප්‍රේමදාසගේ එකම ආශාව කොතැනක හෝ කතා පැවැත්වීම පමණක් බවත් වෙනත් සැලැස්මක් හෝ නායකත්වයක් නැති බවත් ඒ කාර්යන් සිදු කරන්නේ ආර්යාව වීමත් නිසා එජාපය සුනු විසුනු කල ජේෂ්ඨයන් පිරිසක් මේ වන විටත් දැඩි කෝපයකින් සිටින බවයි කෝට්ටේ පාරෙන් වාර්තා වන්නේ.

About article14

Check Also

නවසිලන්ත සංචාරයට නවසීලන්තයට ගිය පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් 6 දෙනෙක්ට කොරෝනා පොසිටිව් වෙයි

නවසිලන්ත සංචාරයට සහභාගිවන පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් 6 කට කොරෝනා වලදී ඇති බව දැන් ජාත්‍යන්තර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!