Breaking News
Home / දේශීය පුවත් / සිගිරිය පේන මානයේ ඝන කැලයක් මැද අරක්කු බෝතල් 300 ක් බියර් ටින් 1500 උපත්පාලන පෙති කොපු වැහි වැහැපු අමුතු සාදය

සිගිරිය පේන මානයේ ඝන කැලයක් මැද අරක්කු බෝතල් 300 ක් බියර් ටින් 1500 උපත්පාලන පෙති කොපු වැහි වැහැපු අමුතු සාදය

මේ දිනවල ශ්‍රී ලංකාව වෙලාගත් මත්ද්‍රව්‍ය සාද පිළිබදව නෙත් ගොසිප් අප මින් පෙර තොරතුරු වාර්තා කර තිබේ. වාද්දුව ප‍්‍රදේශයේ පැවති එවැනි මත් සාදයක් නිසා ජීවිත කිහිපයක් අහිමි වූ පුවතද අප වාර්තා කළෙමු.

එම සිදුවීමේ උණුසුම යන්නටත් මත්තෙන් එවැනි විශාල ප‍්‍රමාණයේ සාදයක් පසුගිය අගෝස්තු 31 සහ සැප්තැම්බර් 1, 2 යන දින තුන තුළ සීගිරි පර්වතය පේන මානයේ පහත්ගම වැව් තාවුල්ලේ පවත්වා තිබෙන බවට වාර්තා වේ.

මේ මත් සාදයේ නම වී ඇත්තේ ‘‘ඞීප් ජංගල් ෆෙස්ටිවල් ශී‍්‍ර ලංකා’’ ය. ඇතුළුවීමේ ප‍්‍රවේශපත‍්‍ර අන්තර් ජාලය හරහාත් එදින දොරටුවෙනුත් ලබාගැනීමේ පහසුකම් සලසා තිබී ඇති බවත් සදහන්.

තල්කොටේ පහත්ගම වේල්ල ආසන්නයට ගොස් මහ ඝන කැලෑවේ සැතපුම් ගණනක් ඈතට වන්නට ජනශුන්‍ය ප‍්‍රදේශයක් මෙම ප‍්‍රසංගය සඳහා තෝරාගෙන තිබී ඇති අතර ඉතා සූක්‍ෂම ලෙස එම පරිශ‍්‍රය ඔවුන්ගේ සියලූ අවශ්‍යතා පිරිමැසෙන ආකාරයට සාදාගන්නට ඔවුන් සමත් වී තිබේ.

ප‍්‍රසංග භූමිය දිනකට රු. 30,000 බැගින් දින තුනට රු. 90,000 යන මුදලට ලබාගෙන ඇති අතර දින තුන සඳහා අවශ්‍ය ජලය විශාල අට්ටාල මත තැබූ ටැංකිවලට රැස්කර තිබී ඇති අතර අවශ්‍ය විදුලිය ලබාගැනීමට තැන තැන විදුලි ජනක යන්ත‍්‍ර කීපයක් ද රඳවා තිබී ඇත.

මනා ලෙස සැකසූ වැසිකිළි පද්ධතියකින්ද සමන්විත වූ ප‍්‍රසංග භූමියේ දිය නෑමට වතුර මල් ද සවිකර දවස් තුන ඒ භූමිය තුළ ලැඟුම් ගැනීමට ටෙන්ට් රෙදි ආධාරයෙන් සකස් කළ කූඩාරම් කුලී කාමර ලෙස ලබාගැනීමේ පහසුකම් ද සලසා තිබේ. දින තුනටම මෙම සාදයට සහභාගි වූ පිරිස් දිනකට රු. 3000 බැගින් දින තුනට රු. 9000 ක මුදලක් ගෙවා සාදයට සහභාගී වී තිබුනි.

දේශීය මෙන්ම විදේශීය ජාතිකයන් ඉලක්ක කරගනිමින් සංවිධානය කර තිබූ මෙම සාදය පිළිබදව තොරතුරු වාර්තා වූ එම ප්‍රදේශයේ ජීවත් වූ ගැමියෙකු මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දුරකථන මාර්ගයෙන් මෙම සාදය පිළිබදව දැනුම් දී තිබේ.

එසැණින් කි‍්‍රයාත්මක වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා විමර්ශන කටයුතු සඳහා විශේෂ නිලධාරි කණ්ඩායමක් ඒ වෙත යොමුකර ඇත.

සීගිරිය තල්කොටේ පහත්ගම සැකකටයුතු ප‍්‍රදේශට ළං වුවද එම නිලධාරීන්ට සාදයක් පැවැත්වෙන බවට ඉඟියක්වත් නොලැබන්නේ ඉතා සැලසුම් සහගතව මහ ඝන කැලෑවෙන් වැසුණු ප‍්‍රදේශයක මේ සියල්ල සිදුවී තිබීම හේතුවෙනි.

එහෙත් තම උත්සාහය අතනොහරින පොලිස් නිළධාරීන් අවසානයේ පහත්ගම වැවේ වේල්ල ආසන්නයට පැමිණීමත් සමග ඒ අසල නතර කර තිබූ සුඛෝපභෝගී මෝටර් රථ දෙක තුනක් දැකගැනීමට ලැබීමත් සමග ඒවා පසුකර තවත් ඒ මාර්ගයේ ඉදිරියට යද්දී තවත් එවැනිම රථ විශාල ප‍්‍රමාණයක් දකින්නට ලැබුනු නිසා කැලය පීරමින් තව තවත් කැලෑව තුළට ගමන් කරන්නේය.

වේලාව අලූයම 1.00 ද පසුවී තිබු මොහොතක මත් සාදයේ ඞී. ජේ. හඬ ඇසෙන්නට වූයෙන් පොලිස් නිළධාරීන් අදාළ ස්ථානය ග‍්‍රහණය කර ගත්තේය. මත් සාදයේ සංවිධායකයෝ පොලිස් නිලධාරීන්ට පවසා තිබුනේ මෙම සාදය සංචාරක ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කිරීම උදෙසා සංවිධානය කර තිබූ ප‍්‍රසංගයක් බවය. සාදයට පොලීසිය කඩා පනිද්දි මත්වූ තරුණ තරුණියන් සිට ඇත්තේ නිරුවතින් අනඟ රැගුම් පාමිනි.

විදේශීය මෙන්ම අපේ රටේ තරුණ පිරිස 1000 කට වඩා ඒ අවස්ථාවේ ප‍්‍රසංග භූමියේ රැඳී සිට ඇති අතර ඉන් බොහෝ දෙනෙක් හිස් මත්පැන් බෝතල් 300 ක් සහ බියර් ටින් 1500 ක් අතර මත්වී වැටී සිට ඇති අතර අයිස් මත්ද්‍රව්‍ය බහා තබන අසුරණ මෙන්ම උපත් පාලන කොපුු, ගැබ් ගැනීම වළක්වාලන පෙති වර්ග දවටන ප‍්‍රසංග භූමියේ සීසීකඩ විසිරී තිබූ බවත් සදහන්.

About article14

Check Also

මාධ්‍යවේදී ඝාතන හා ප්‍රහාර මහාපරිමාණ දුෂණ පරීක්ෂණ කල අපරාධ පරීක්ෂණ ඒකකයේ ප්‍රධානි නිශාන්ත සිල්වා වහාම ඉවත් කරයි

පසුගිය ආණ්ඩු සමයේ මාධ්‍යවේදීන්ට පහර එල්ල කිරීම ඝාතනය කිරීම් වලට සම්බන්ධ ඉහළපෙලේ පරීක්ෂණ සහ මහාපරිමාණ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!