Breaking News
Home / දේශීය පුවත් / සැගව සිටියදී 2015 දී පකිස්තානයේදී අල්ලා වසර 3 ක් නඩු ඇසු ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරු හා 5 ක් නිදොස් කර නිදහස් කරයි

සැගව සිටියදී 2015 දී පකිස්තානයේදී අල්ලා වසර 3 ක් නඩු ඇසු ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරු හා 5 ක් නිදොස් කර නිදහස් කරයි

ජාත්‍යයන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙසත් ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙනඒමේ මහා පරිමාණ ජාවාරම්කරුවකු ලෙසත් කතාබහට ලක්වුනු මොහොමඩ් සිද්ධික් ඇතුළු 5 දෙනකු කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි විසින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

හෙරොයින් ග්‍රෑම් 8.3 ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පවරා තිබු නඩවුක් අද (13) විභාග කළ අවස්ථාවේදී නඩුවේ පැමිණිල්ලේ සාක්කි එකිනෙකට පරස්පර බව සඳහන් කරමින් ඔවුන් නිදහස් කිරීමටයි විනිසුරුවරයා තීරණය කර තිබුනේ.

හෙරොයින් ග‍්‍රෑම් 08යි දශම එකක් සන්තකයේ තබාගෙන සිටි බවට අධි චෝදනා ලැබ සිටි ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවෙකු බව කියන මොහොමඩ් සිද්ධික් ඇතුළු විත්තිකරුවන් 05 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (13) නියෝග කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි එම නියෝගය ලබාදුන්නේ පැමිණිලි පාර්ශවයේ සාක්ෂිකරුවන්ගේ පරස්පර සාක්ෂි හේතුවෙන්. 2003 වසරේ පෙබරවාරී මස 03 වනදා මහරගම ප‍්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ජීප් රථයකින් ගමන් කරමින් සිටි මෙම විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවටයි නීතිපතිවරයා චෝදනා ගොනු කර තිබුණේ.

2015 පාකිස්ථානයේ සැඟවසිටියදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මොහොමඩ් සිද්ධිකි 2015 මාර්තු 19දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙරටට ගෙනඑනු ලැබුවා.

අනතුරුව මාස 06ක් රඳවාගෙන ප්‍රශ්න කළ සිද්ධික් 2015 සැපිතැම්බර් මස 19දා අලුත්කඩේ මහේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නඩු විභාගය ඇරඹුණා.

neth

 

About article14

Check Also

හෝටලේ පොඩිම සේවකයාට පවා ‘සර්’ කියමින් එංගලන්ත ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියේ ලොව අංක එක වගේම ඉන් පිටත් අංක එක බව ලංකාවේ කළමනාකරු කියයි.

එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි මෙන්ම ඉන් පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසයි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!