Breaking News
Home / දේශීය පුවත් / සාසනේ මුදලාලිලා දූෂකයෝ වැහි වැහැලා දහම් පාසලේ ගෑණු ළමෙක් දූෂනය කල චීවරයා

සාසනේ මුදලාලිලා දූෂකයෝ වැහි වැහැලා දහම් පාසලේ ගෑණු ළමෙක් දූෂනය කල චීවරයා

ගිහියන්ටත් අන්ත සිවුරුපොරවා ගත් උන් නිසා දැරිවියන් දහම් පාසැලකට යැවීම බරපතල අනතුරුදායක තත්ත්වයකට පත්ව තිබේ.

ගම්පොල කුරුඳුවත්ත ප්‍රදේශයේ පන්සලක දහම් පාසැලට පැමිණි අවුරුදු 11 යි මාස 8 ක දැරියක් දහම් පාසැල පැවැත්වෙද්දී දැරිය තනිකොට බෝ මළුවට ගෙන්වා බරපතල ලිංගික අපයෝජනයක් සිදුකළ සිවුරුකාරයකු පසුගිය දා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පොල මහේස්ත්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය නියෝග කළාය.

මොහු වයස අවුරුදු 43 ක් වන මැදි වියේ අයෙකු වන අතර මීට පෙරද ගමේ විවිධ චෝදනාවන්ට ලක් වූ නීචයෙකි.

අපයෝජනයට පත් දැරිය නිවසට ගොස් හඬමින් සිය මවට තමාට සිදුවූ නස්පැත්තිය පවසා යලි කිසි දිනෙක දහම් පාසැල් යෑමට නොහැකි යයි පවසා ඇත. පසුව මව විසින් සිද්ධිය ගම්පොල කුරුඳුවත්ත පොලිසියට දැන්වීමෙන් පසු සිවුරුකාර ගෙරියා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ගම්පොල කොට්ඨාශ බාර පොලිස් අධිකාරී නුවන් මෙන්ඩිස්, සහකාර පොලිස් අධිකාරී ජගත් ඥානසේන නිලධාරීන්ගේ උපදෙස් මත කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති චන්දික ශ්‍රී කාන්ත, අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ගුණසිංහ සහ කාන්තා පොලිස් නිලධාරිනී ශිරානි යන නිලධාරීහු පරීක්ෂණ සිදුකළහ.

දිගින් දිගටම සිවුරුකාර ගෙරියන් මෙවැනි අපචාර වලට යොමු වී ඇත්තේ මහනායක හිමිවරුන් මෙවැනි තිරිසනුන් කෙරෙහි දක්වන ඇල්මැරුණු ප්‍රතිපත්තියයි. විනය පිටකයක්ම තිබුනද ඒ එකදු විනයක් වත් නොතකන සිවුරුකාරයින් සාසනයෙන් එළවා දැමීමට මහනායක හිමිවරුන් පියවර නොගන්නා නිසා ශාසනය ගිහියන්ටත් අන්ත දූෂිත ස්ථානයක් බවට පත්ව තිබේ. තත්ත්වය කෙතරම් බරපතල වීද යත් දැන් සිවුරුකාරයින් බෝ මලුවේ දීම දැරිවියන් දූෂණය කරන තත්ත්වයට ඇද වැටී ඇත. තවද දන් පාත්ට්බරයට මුදල් එකතු කරමින්ද යන දිහා නොදැක්කා මෙන් බලා සිටී. ඒත් පන්සලේ පිම්කැටේ හෝ දේශපාලුවකුගේ ප්‍රකාෂ අනුව පක්ෂපාතීව නිවේදන උත්ගෝෂන කරන්න ඕනෑ තරම් සිවුරු සිටි.

මේවා ගැන අතොරක් නැතිව මහනායක හිමිවරුන් වෙත පෙන්වා දුන්නද එහිමිවරුන් කනේ මී ඉටි ගසා ගෙන සිටිති.

Lankaenews

About article14

Check Also

ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා. පසුගියදා ඥාණසාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!