Breaking News
Home / දේශීය පුවත් / ස්වාධින නිරීක්ෂක රාජ්‍ය නොවන සංවිධානයක් කියන කැෆේ සංවිධානයේ කිර්ති තින්නකොන් හරහා මෛත්‍රී සජිත්ට අගමැතිකම භාරගන්නැයි පණිවිඩ යවයි

ස්වාධින නිරීක්ෂක රාජ්‍ය නොවන සංවිධානයක් කියන කැෆේ සංවිධානයේ කිර්ති තින්නකොන් හරහා මෛත්‍රී සජිත්ට අගමැතිකම භාරගන්නැයි පණිවිඩ යවයි

ඉතිහාසේ ප්‍රථම වරට අගමැතිකම පුරප්පාඩු නොවී පවතින විටක 26 වනදා පැය 4 න් නැවත අගමැති වරයකු පත් කර දැන් බහුතරය සෙවීම යන කාරණය මත විශාල අර්බුධයක වැටි සිටින බවයි ස්වාධින දේශපාලන විචාරකයන් පවසන්නේ.

මේ කාරණය මත පාර්ලිමේන්තුව 7 වනදා විවෘත කරනවා කිවත් රජයේ ප්‍රකාශක කෙහෙළිය පවසා සිටියේ 16 වනදා පාර්ලිමේන්තු කැදවීමේ කිසිදු වෙනසක් නැති බවයි.

මේ කාරනා මත මෙමෙ ව්‍යවස්ථා කුමන්ත්‍රණය පසුපස ජනාධිපතිවරයා නොමග යැවීමට උදව්කල කිහිප දෙනා අතර ඉහලින්ම සිටින ස්වාධින නිරීක්ෂකයන්ගේ රාජ්‍ය නොවන (කැෆේ නම්) සංවිධානයක් පිහිටවාගෙන සිටින කිර්ති තෙන්නකෝන් නැමැත්තා ලවා එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට දුරකථන ඇමතුම් ගණනාවක් ලබා දී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ ලබා දී ඇති ඇමතුම් අනුව පවසා ඇත්තේ සජිත් ප්‍රේමදාසට අගමැතිකම බාරගෙන ජාතික ආණ්ඩුවක් සදා මාස තුනකින් ඡන්දයකට යාමට එකග වන ලෙසයි. නමුත් සජිත් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. කෙසේ වෙතත් තවමත් නිවාස කැබිනට් ආමාත්‍ය දුරයත් ඒ වගේම සෞක්‍ය ඇමති දුරයත් පුරප්පාඩුව තිබෙන්නේ ජනාධිපතිවරයාගේ මේ විකල්ප යෝජනා වලට අවස්තාව සැලසීමට බවයි වාර්තා වෙන්නේ.

සෞඛ්‍ය ඇමති රාජිතට පණිවිඩයක් යවා ඇමතිකම බාරගන්න ලෙස ජනාධිපති දන්වා ඇති අතර එයට අකමැති වූ පසු රාජිත ඇමතිකම ඉල්ලන් ආවා දුන්නේ නැ කියමින් වෛද්‍ය සංගමය හරහා මඩක් ගැසීමටද කටයුතු කර ඇත්තේ නැවත ඔහු පත්වුවොත් වර්ජනයකට යනවා යන්න ඔවුන් ලවා ප්‍රකාශයට පත්කරගනිමින්.

එසේම මාස ගණනකට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති දුරයක් ලැබීම රාජිත ඇමතිවරයා බලහත්කාරයෙන් ඉවත් කළහොත් විශාල ප්‍රශ්නයකට ලංකාවට මුහුණ දීමට සිදුවන බවත් එයත් අර්බුධ කාරී තත්වයක් බවත් වාර්තා වෙනවා

විවිධ ගනුදෙනු එකගතා සාකච්චා කොලබ දේශපාලනයේ සිදුවන අතර ආණ්ඩු බලය හොබවන පාර්ශව රාජ්‍ය වගේම පුද්ගලික මාධ්‍යද යොදාගෙන ඔවුන්ට අවශ්‍ය කරුණු හෙළි කරන අතර අනෙක් සියල්ල වසන් කර තබා ගැනීමට වග බලාගෙන ඇති බවද විශේෂයෙන් පැවසිය යුතුයි.

About article14

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!