Breaking News
Home / Video / ස්මිත් හා බෑන්ක්‍රොෆ්ට්ට පනවපු දඩුවම් ගැන නිදහස් කුසලාන සිද්දියද මතක් කරමින් ඉන්දියාවේ හර්බජාන් ICC යට උපහාස කර විරෝධත්වය පළකරයි

ස්මිත් හා බෑන්ක්‍රොෆ්ට්ට පනවපු දඩුවම් ගැන නිදහස් කුසලාන සිද්දියද මතක් කරමින් ඉන්දියාවේ හර්බජාන් ICC යට උපහාස කර විරෝධත්වය පළකරයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පක්ෂග්‍රාහීව කටයුතු කිරීම සම්බන්ධයෙන් තමන් පුදුම වන බව ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක හර්බජාන් සිං පවසනවා.

ඒ දකුණු අප්‍රිකාව සමඟ පැවති තුන්වන ටෙස්ට් තරඟයේදී පන්දුව පළුදු කළ බවට චෝදනාට වරද පිළිගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත්ට එක් තරඟයක් තහනම් කිරීම සහ සම්පූර්ණ තරඟ ගාස්තුව දඩයක් මුදලක් ලෙස අයකර ගැනීම ප්‍රමාණවත් නොවන බවයි හර්බජාන් සිං පවසන්නේ

ඔහු පවසන්නේ පන්දුව පළුදු කළ බවට චෝදනා ලැබූ කැමරන් බැන්ක්‍රොෆ්ට් හට තරඟ ගාස්තුවෙන් සියයට 75ක් දඩයක් මුදලක් ලෙස අයකර ගැනීම ද ප්‍රමාණවත් නොවන දඬුවමක් බවයි.

2001 වසරේදී දකුණු අප්‍රිකාව සමඟ පැවති තරඟයකදී සීමාව ඉක්මවා ඉල්ලීම් කළ බවට සචින් ටෙන්ඩුල්කාර්, විරේන්ද්‍ර ෂෙවාග්, සව්රෝ ගංගුලි, ෂිව් සන්දර් දාස් සහ තමන්ට තරඟ තහනම් කිරීම සහ 2008 වසරේ දී ඕස්ට්‍රේලියාවේ ඇතිවූ සිදුවීමකට තරඟ තහනම් කිරීම සම්බන්ධයෙන් හර්බජාන් සිං අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ප්‍රශ්න කර තිබුණා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම ප්‍රශ්න කිරීම සිදුකර තිබෙනවා.

නිමාවූ නිදහස් කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සමඟ පැවති තරඟයකදී බංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ කලහකාරී හැසිරීම සම්බන්ධයෙන් එම ක්‍රීඩකයන්ට පැනවූ දඬුවම ප්‍රමාණවත් නොවන බවට පවසමින් හර්බජාන් සිං ICCයට දෝෂාරෝපණය කළා.

About lanka

Check Also

දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා තරගාවලියේ අවසන් තරගය 20 20 ජයග්‍රාහී තරගයේ විශේෂ අවස්ථා බලන්න

තරගයේ විශේෂ අවස්ථා බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!