Breaking News
Home / ක්‍රිඩා / ස්මිත්ට “හොරා” කියමින් බැන වැදුණු ඉන්දියානුවන්ට කෝලිගෙන් දොස්

ස්මිත්ට “හොරා” කියමින් බැන වැදුණු ඉන්දියානුවන්ට කෝලිගෙන් දොස්

ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර තරගයේදී තියුණු තරගයකින් පසු ඉන්දියාව ලකුණු 36 ක ජයක් ලැබුවා. ඉන්දියාව පළමුව පන්දුවට පහර දී දැවැන්ත ලකුණු 353 ලාබා ගත් අතර ඕස්ට්‍ර්ලියව ලබා ගත්තේ ලකුණු 316 පමණයි.

එහෙත් තරගය අවසානය වන තෙක් ඕස්ට්‍රේලියාව තරගයක් දුන් අතර වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ ලකුණු 300 යනු ජයගත හැකි පහසු ලකුණු ප්‍රමාණයක් නොවන බව නැවත නැවත ඔප්පු කරමින් සිටි.

පසුගිය කාලයේ අසාර්ථකව සිටි දැවැන දැවැන්ත ශතකයක් ලබා ගත් අතර ඔහු 117 යි. කෝලි 82 යි. ශර්මා 57 යි හර්දික් 48 යි. ඔස්ට්‍ර්ලියව වෙනුවෙන් ස්මිත් 69 යි වෝනර් 56 කැරි 55 යි.

තරගය අතරතුරදී හරි අපූරු දෙයක් වෙනවා. හතරේ සීමාව ලග පන්දු රකිමින් සිටි ස්ටීව් ස්මිත්ට ඉන්දියානු ප්‍රේක්ෂකයන් පිරිසක් විසින් “Cheater” (රැවටිලිකාරයා) කියා කෑ ගහනවා. ඒ ස්මිත් පසුගිය වසරේ පන්දුව පලුදු කර නැවත කණ්ඩායමට ආ පසුබිමක.

මෙය දුටු කෝලි ස්මිත් ව පෙන්නා ඔහුට අත්පුඩි ගහලා චියර්ස් කරලා සහයෝගය දෙන්න කියා ඉන්දියන් ෆෑන්ස්ලගෙන් ඉල්ලා සිටිනවා. පසුව මේයට ග්‍රවුන්ඩ් එකේ හිටපු හැම කෙනාගෙන්ම කෝලිට හම්බුණේ ගොඩාක් යහපත් ප්‍රතිචාරයක්.

විශිෂ්ටයෙක් වීමට දක්ෂතාවයට අමතරව මේ වගේ මහත්මා ගතිගුණත් ක්‍රීඩකයෙක් ට පිහිටන්න ඕන. ක්‍රිකට් පිටියේ දඩබ්බරයෙක් වෙලා ඉන්න කෝලි ගේ නමත් අනාගතයේ රන් අකුරින් ලියවෙන්නේ මේ නිසයි.

තවද මාධ්‍ය හමුවේදී කෝලි පැවසුවේ මෙතන ඉන්දීය ප්‍රේක්ෂකයන් ගොඩක් හිටියා මම කැමතිවුනේ නැ ඔවුන් නරක ආදර්ශයක් දෙනවට මම ස්මිත්ගෙන් සමාව ගත්තා ඔවුන්ගේ නරක හැසිරීමට මේ වැඩේ පිළිගන්න බැ යනුවෙන්.

About article14

Check Also

සජබෙට ගිය 54 ක් එජාපෙන් දොට්ට දමද්දී 48 ක් නායකයා සමග සාකච්ඡා

පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපූ සමගි ජනබලවේගයෙන් තරඟ කරන අපේක්ෂකයන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!