Breaking News
Home / Video / ස්මිත්ගේ ප්‍රශ්නය එන්න එන්න දරුණු අතට. අයිපිඑල් නායකත්වයෙනුත් ඉවත්වෙයි විශිෂ්ටයාගේ ක්‍රීඩාව ජීවිතාන්තය දක්වා අහිමිවීමටත් ඉඩ ඇතිබවට මාධ්‍ය වාර්තා කරයි.

ස්මිත්ගේ ප්‍රශ්නය එන්න එන්න දරුණු අතට. අයිපිඑල් නායකත්වයෙනුත් ඉවත්වෙයි විශිෂ්ටයාගේ ක්‍රීඩාව ජීවිතාන්තය දක්වා අහිමිවීමටත් ඉඩ ඇතිබවට මාධ්‍ය වාර්තා කරයි.

පන්දුව පලුදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායක ස්ටීව් ස්මිත් මෙවර IPL තරඟාවලියේ රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ නායකත්වයෙන්ද ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔහුගෙන් හිස්වන එම තනතුර සඳහා Ajinkya Rahane පත්කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

පසුගියදා දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟය අතර තුර පන්දුව පළුදු කළ බව පිළිගත් ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් සහ උපනායක ඩේවිඩ් වෝනර් එම තනතුරුවලින් ඉල්ලා අස්වුණා. තරඟයේදී පන්දුව පළුදු කිරීමේ සිද්ධියට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත්ට දඬුවම් වශයෙන් ටෙස්ට් තරඟයක් තහනම් කෙරුණා.

ඊට අමතරව සම්පුර්ණ තරඟ මුදල කපා හැරීමටයි අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ. මේ අතර පන්දුව පළුදු කිරීමේ චෝදනා ලැබූ කැමරන් බැන්ක්‍රොෆ්ට්ට තරඟ ගාස්තුවෙන් සියයට 75ක මුදලක් කපා හැරීමටය ICCය පියවර ගෙන තිබෙනවා.

ස්මිත් නායකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ඉදිරි තරඟ සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වයට කඩුලු රකින ක්‍රීඩක ටිම් පේන් පත් කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් පියවර ගත්තා.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට් පන්දුව පළුදු කරන අයුරු පිළිබඳව මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යවල විශේෂ අවධානය යොමුව තිබෙනවා. සමහර මාධ්‍ය වාර්තා කර තිබුනේ ස්මිත්ට ජීවිතාන්තය දක්වා තහනමක් පවා පැනවීමට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය කටයුතු කිරීමට ඉඩ ඇති බවයි.

ස්මිත් යනු මේ වන විට ලෝකයේ සිටින අංක එකේ ටෙස්ට් පිතිකරුවායි. එසේම සාර්ථක නායකයෙක්. එහෙත් ඔස්ට්‍රේලියාව මේ කිසිවක් ගණනකට නොගන්නේ ඔවුන්ගේ රටට ඇතිවූ අවනම්බුව වෙනුවෙන්. ක්‍රිකට් ආයතන ප්‍රධානියා පවසන්නේ ක්‍රීඩකයන්ව ජනතාව අනුගමනය කරන නිසා මෙය අසික්කිත ක්‍රියාවක් බවයි.

කෙසේ වෙතත් මෙයට පුහුණුකරු ඩරන් ලිමන්ද සම්බන්ද බව පවසන අතර ස්මිත්ගේ දැනුම මත මෙය සිදුකල නිසා නායකත්වයේ වගකීම අවබාවිතා කිරීම මතයි මොහුට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් වන්නේ. කෙසේ වෙතත් ස්මිත්ගේ ක්‍රිකට් ජිවිත ඉතා අවිනිශ්චිත තත්වයකට දැන් පත්වී තිබෙන අතර සමහර විට ඕස්ට්‍රේලියා බලධාරීන් මොහුට ක්‍රීඩාවෙන් සමුගන්නට පවා බලපෑමක් කිරීමට ඉඩ තිබෙනවා.

දැඩි විනය විරෝදී කාරණයක් නිසා රටක් ලෙස වූ කැලලට රජය වශයෙන්ද අගමැතිවරයා උපදෙස් ලබා දී තිබීමත් ස්මිත්ගේ ක්‍රීඩා ජීවිතය අවධානමකට වැටි තිබෙනවා. එසේ වුවහොත් තවත් විශිෂ්ට ක්‍රීඩකයකු විනය කඩකළ නිසාවෙන් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට අහිමිවනු ඇති. මේ සිද්දිය මේ වන විට ක්‍රිකට් විනය පිළිබද ප්‍රශ්නයකට වඩා රටක් ලෙස සිදුවූ අවනම්බුව පිළිබද ප්‍රශ්නයක් බවට පත්වී තිබෙනවා.

About article14

Check Also

හේෂා චමින්ද ඩයනාගේ ගෙදර, තිස්ස ඩිල් කතා කරලා, සජිත්ට කියලා ඡන්දේ දුන් ඩයනා, තිරය පසුපස කතාව

සමගි ජන බලවේග මන්ත‍්‍රීවරුන් වන බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි, රත්නපුර දිස්ත්‍රික් හේෂා විතානගේ, ජාතික …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!