Breaking News
Home / දේශීය පුවත් / ‘සර් නැතිව ආණ්ඩුවක් ගන්න බැ’ රාජිත – හරින් රනිල් හමුවෙයි සජිතුත් රනිල්ගේ නිවසට. පක්ෂ විපක්ෂ දේශපාලන පෙරලියක් අතලග

‘සර් නැතිව ආණ්ඩුවක් ගන්න බැ’ රාජිත – හරින් රනිල් හමුවෙයි සජිතුත් රනිල්ගේ නිවසට. පක්ෂ විපක්ෂ දේශපාලන පෙරලියක් අතලග

වත්මන් ආණ්ඩුවට එරෙහිව විපක්ෂය පුළුල් සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කරන බව සුදානම් වන බව වාර්තා වනවා.

මෙම සාකච්ඡා මේ වන විටත් ආරම්භ වී ඇති අතර විපක්ෂය නියෝජනය කරන පක්ෂ කිහිප දෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බව දේශපාලන අභ්‍යන්තර තොරතුරු හෙළි කරනවා.

මහමැතිවරණයෙන් පසු වගේ එජාපය කඩාගෙන ගිය පසු රනිල් සජිත් මුල්වරට හමුවුවා. කලක් තිස්සේ පවතී නිහඬතාවය බිඳ දමමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුව තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේදීයි.

සජිත් ප්‍රේමදාස මහතා විසින් සකච්ඡාව සඳහා මුල පුර ඇති අතර ‘‘දේශපාලන පළිගැනීම් කොමිෂන් සභා වාර්තාව ’’ පිළිබඳ සජිත් ප්‍රේමදාස මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුකරවා තිබෙනවා.

එයට ප්‍රතිචාර දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා අදාළ ජනාධිපති කොමිසම් වාර්තාව නීතියට පටහැනි බවත් ඉදිරි නීති මය උපදෙස් ලබාගනිමින් සියලු දෙනා එක්ව ඊට එරෙහිව සටන් කළ යුතු බවත් පවසා තිබෙනවා.

මේ අවස්ථාවේදී රනිල් නිවසේ සිටිමින් දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජනතා විමුක්ති පෙරමුණ යන දේශපාලන පක්ෂවල නායකයින් සමගද මේ පිළබඳව අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

ආණ්ඩුවට විරුද්ධව පුළුල් පෙරමුණක් බිහි කිරීමේ කටයුත්තේදී සමගි ජන බලවේගය පාර්ශවයෙන් වැඩි වගකීමක් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා වෙත පවරා තිබෙනවා.

ඒ අනුව සේනාරත්න මහතා ද පළමුව හමුව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතායි.

ආගිය තොරතුරු කතා කිරීඑමෙන් අනතුරුව දේශපාලන පලිගැනීම් පිළිබඳ කොමිසම් වාර්තාව මෙන්ම පාස්කු කොමිසම් වාර්තාව පිළිබඳවද එහිදී අවධානය යොමුව තිබෙනවා.

එහිදී රාජිත සේනාරත්න මහතා පාස්කු කොමිසමේ වාර්තාව පිළිබඳ කරුණු විමසු අවස්ථවේදී රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත්තේ එම වාර්තාව මගින් හිටපු ජනාධිපතිවරයාට ​චෝදනා එල්ල කර ඇති නමුත් ජනාධිපතිට විරුද්ධව ක්‍රියා කිරීමට හැකියාවක් නොමැති බවයි.

අපි මේ සියල්ලට එරෙහිව පුළුල් පෙරමුණක් හදන්න ඕන එහිදී සේනාරත්න මහතා පවසා ඇති අතර වික්‍රමසිංහ මහතා එය අනුමත කරමින් පවසා ඇත්තේ රජයේ ආයුකාලය මේ වන විට මාස කිහිපයකට සීමා වන තත්වයක් පෙනෙන්නට ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක්ද සිදුව තිබෙනවා. පළමුවෙන්ම හිටපු අගමැතිවරයා මුණ ගැසුනේ හරින් ප්‍රනාන්දුයි.

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 05 වෙනි පටුමගේ ඇති නිවසට ගොස් තිබෙන්නේ. එහිදී දීර්ඝ වෙලාවක් වත්මන් දේශපාලන තත්වය පිළිබඳ කරුණු සාකච්ඡා කර ඇති අතර ආණ්ඩුව ගෙන යන ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට එරෙහිව එක පෙරමුණක් සැදීම වෙනුවෙන් සියල්ලන්ම එකට එක විය යුතු බවත් ඒ සඳහා අනිවාර්යෙන්ම එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ විය යුතු බවත් පවසා තිබෙනවා.

මීට අමතරව දැනට සිරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් දියත් කර ඇති සටන සඳහා ද සියල්ලන්ම එකතු විය යුතු බවද හරීන් ප්‍රන්නාදු මන්ත්‍රීවරයා මෙහිදී පවසා තිබෙනවා. මෙම සාකච්ඡාව අතර තුර රනිල් වික්‍රමසිංහ මහතා විසින් පවසා ඇත්තේ “එතකොට හරීන්ටත් අපිත් එක්කම එකතුවෙලා වැඩ කරන්න පුළුවන් නේද” යනුවෙනි.

එහිදී සිනාමුසුව පිළිතුරු දුන් හරීන් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ “වත්තල ආසනය තමා වෙත ලබා දෙනවනම් තමන් එක්සත් ජාතික පක්ෂය හා එක්වන බවයි” එය එම අවස්ථාවේ විහිළුවෙන් පැවසුවත් යම් යම් දේශපාලන තීරණ ඉදිරියේදී ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේද සිදුවීමට නියමිතයි.

ශ්‍රී ලංකා දේශපාලනය එළබෙන අප්‍රේල් වන විට විශාල වෙනස්කම් රැසකට භාජනය වනු ඇතැයි ආරංචි මාර්ග පවසයි. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලංකාවේ සිටින ඉහලම රාජ්‍ය තාන්ත්‍රිකයා වීම නිසාවෙන් විපක්ෂයේ සියලු දෙනාට ඔහුගේ සහය ගැනීම අනිවාර්ය වී තිබෙනවා. මේ වන විටත් හිටපු අගමැතිවරයා සමග ඉන්දියාව ඇමරිකාව ජපානය බ්‍රිතාන්‍ය යන රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින් නිවසේදී මුණගැසීම් මෙන්ම දුරකථන හරහා සම්බන්ධ වීමද සිදුවන බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

පසුගියදා රනිල් පක්ෂයේ ජේෂ්ඨයන්ට පවසා ඇත්තේ මින් පසු ලංකාවේ එකවර හතු පිපෙනවා මෙන් දේශපාලන නායකයන්පක්ෂ නායකයන් නොවන පුද්ගලයින් රටේ ජනාධිපති නොවන බවයි. ඒ යුගය අවසන් වී ඇති අතර රටේ ආර්ථිකය හා බංකොලොත් වීම වලකා ගැනීමටනම් දේශපාලනයේ දශක ගණනක පළපුරුද්ද ඇති ජාත්‍යන්තර සහය ලබාගත හැකි විදේශ සම්බන්ධකම් ඇති පරිනත නායකයකු අනිවාර්යෙන් මීලග රටේ නායකයා විය යුතු බවයි හිටපු අගමැතිවරයා මුණගැසුණු විපක්ෂ ප්‍රභලයිනුත් ඔහුට පවසා ඇත්තේ.

කෙසේ වෙතත් විපක්ෂය එසේ නැවත එක මාවතකට ඒමට යාමේදී රනිල් විසින් මහා ලේකම් තනතුර නොදුන් නිසා රනිල් සමග උරණ වී සිටින කොළඹ දිස්ත්‍රික්කයේ මහබැංකු පලහිලව්වට නඩු වැටි තිබෙන හිටපු ඇමතිවරයකු ඇතුළු කල්ලිය එජාපයට හා රනිල්ට මඩ ගසමින් වෙනත් දේශපාලන ඩිල් එකක සිටින බවයි එජාප ආරංචි මාර්ග පවසන්නේ. හිටපු කතානායකවරයකු සමග එක්වී හිටපු ක්‍රිකට් නායකයකු හා හිටපු කතානායකවරයකුගේ බැනකු මෙම කල්ලියට අයත් අතර බැදුම්කර මගඩියට නඩු වැටි ඇති හිටපු ඇමතිවරයා කතානායක බැනට නායකකම ලැබිය යුතු කියා යටින් ගේමක් සෙට් කර ඔහු ඉදිරියට දමා මෙම කුමන්ත්‍රණය කරමින් සිටින බව පැවසෙන්නේ. එයට එජාපයෙන් පසුගිය මැතිවරණයට ඉදිරිපත්වූ සමහර පැරෂුට් අපේක්ෂකයන්ද සම්බන්ධ වී ඇති අතර ඔවුන් සමාජ ජාලා වල වීරකතා කියමින් රනිල්ට මඩ ගසමින්ද සිටි. නමුත් ඔවුන් කිසි විටක බැදුම්කර මගඩියේ හිටපු ඇමැතිවරයාද උස්සා නොතැබිමටද සුක්ෂම වී ඇත.

මේ වන විට ලංකාවේ දේශපාලන ළදරුවන්ට පවා නායක පිස්සුවක් හැදී ඇති අතර එය පක්ෂ විපක්ෂ සියල්ලට වැලදී ඇත. ආණ්ඩු පක්ෂය තුල දේශප්‍රේමී ඇමතිවරයකු අගමැතිකම බලා සිටින බවත් ඔහුට නොලැබෙන්නේ නම් තම පියා පිහිටවූ පැරණි පක්ෂයක නායකයකුට එය දිය යුතු බවත් යෝජනාවක් සම්මත කරගෙන ඇත. ඒ ආණ්ඩුවේ පක්ෂ 12 වෙනම හමුවීමත් සමග. එහෙත් රාජපක්ෂ පවුලේ ප්‍රභලයා සමග බහුතරය සිටින අතර හදිසියේ දේශප්‍රේමී පක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වුවොත් සජිත්ගේ සජබෙන් පිරිසක් යාමටද සුදානමක් හා එකගත්වයක්ද ඇති බව ආරංචි මාර්ග පවසයි. ඒ එකතුවන පිරිසට නව අගමැතිවරයා ඇමතිකම් පිරිනමනු ඇත.

කෙසේ වෙතත් ලංකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනයේ එළබෙන අප්‍රේල් වන විට විශාල වෙනස්කම් ටිකක් වීමට දැනට සැලසුම් සකස් වෙමින් තිබෙන අතර එය කාලය අනුව හා එදිනෙදා දේශපාලන තත්වය අනුව වනවාද නැද්ද යන්න හා කුමන දිනයද යන්න තීරණය කරාවි.

About article14

Check Also

සිරිසේන එල්ලුමගස් යැව්වත් වැඩක් නැ දැන් එල්ලුම් ගස් නැනේ දැන් දේශපාලනය වෙනස්, මම පොතක් ලියනවා – හිටපු අගමැති

(ලංකාව තුල Dialog / Mobitel මේ පුවතට පිවිසීම අවහිර කර ඇතිනම් VPN බාවිතා කිරීමට සිදුවේ. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!