Breaking News
Home / Video / සයිලන්සර් දැමිය හැකි ඩුබායි සිට ගෙන්වූ ස්වයංක්‍රිය නවීන අවි තොගයක් සමග නිදහස් පක්ෂ මාවනැල්ල සංවිධායකයා හදිසි වැටලීමකින් අත් අඩංගුවට

සයිලන්සර් දැමිය හැකි ඩුබායි සිට ගෙන්වූ ස්වයංක්‍රිය නවීන අවි තොගයක් සමග නිදහස් පක්ෂ මාවනැල්ල සංවිධායකයා හදිසි වැටලීමකින් අත් අඩංගුවට

කෑගල්ල දිස්ත‍්‍රික් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ඉමිතියාස් කාදර් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කෑගල්ල ගොලහැල්ල ප‍්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තිබී ගිනි අවි කිහිපයක් සොයා ගැනීම හේතුවෙන්. විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් අනුව අද (18) උදෑසන ඔහුගේ නිවස වටලා තිබෙනවා.

එහිදී MP5 ගිනිඅවියක්, T56 ගිනි අවියක් හා රිපීටර් වර්ගයේ ගිනි අවියක් සොයාගෙන ඇති බවයි විශේෂ කාර්ය බලකාය පැවසුවේ. එම ගිනි අවි සඳහා යොදාගන්නා පතුරම් තොගයක් ද විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට භාරදීමට නියමිත බවයි විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

About article14

Check Also

ජනාධිපති තවම ඉන්දියාවේ. අගමැති හා විපක්ශ නායක අදාල ස්ථාන වලට යයි

අද පෙරවරුවේ බෝම්බ පිපිරවීම් සිදුවූ ස්ථාන කිහිපයකට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි වත්මන් තත්ත්වය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!